Oct 27, 2017

ප්‍රවීණ රංගන ශිල්පී ටයිටස් ඇන්තනී දිවියෙන් සමුගනී

මේ දින වල ඉතා ජනප්‍රිය ටෙලි නාට්‍යක් වන “කූඹියෝ” ටෙලිනාටයේ ඔස්ටින් අයියා නැමැති චරිතය රග දක්වන ප්‍රවීණ රංගන ශිල්පී ටයිටස් ඇන්තනී මහතා හදිසියේ අප අතරින් සමුගෙන තිබෙන බව වාර්තා වේ.

ඒ සිංගප්පූරුවේ රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.

“අලුත් හොරෙක් ඕනෑ” නම් වේදිකා නාට්‍යය රඟ දැක්වීමට සිංගප්පූරුවට ගොස් නැවත ශ්‍රී ලංකාවට පැමිනෙන අතරතුර සිංගප්පුරු ගුවන්තොටුපලේ ඒ මහතා හදිසියේ රෝගාතුර වූ බව
ඔහුගේ පුත් කවිදු ඇන්තනී ඊයේ තම මුහුණු පොත ඔස්සේ සඳහන් කර තිබුණි.

ටයිටස් ඇන්තනී මහතා ප්‍රවීණ රංගන ශීල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ සහෝදරයෙකු වන අතර ජැක්සන් ඇන්තනී මහතාද මේ වන විට සිංගප්පුරුවේ ටයිටස් ඇන්තනී මහතා ප්‍රතිකාර ලබමින් සිටි රෝහල වෙත ගොස් සිටී.

22854954 10214999883258662 926594004 n

IMG 27102017 092624 0

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top