Oct 27, 2017

පද්මාවතී ගේ ‘ගූමර්’ හිට් වෙයි! (වීඩියෝ)

අතිජනප්‍රිය බොලිවුඩ් අධ්‍යක්ෂකයෙකු වන සංජේ ලීලා බන්සාලි ගේ මීළඟ චිත්‍රපටය වන ‘පද්මාවතී’ චිත්‍රපටයේ පළමු ගීතය මේ වන විට එළිදක්වා ඇති අතර, එය යූටියුබ් වෙබ් අඩවිය ඔස්සේ මේ වන විට වැඩිම පිරිසක් නරඔන වීඩියෝ (Trending video) අතරට එක්ව තිබේ.

පෙරේදා දින (26) යූටියුබ් වෙබ් අඩවියට එක්වුනු පද්මාවතී ගීතය පැය 24ක් තුළ මිලියන 10ක් විසින් නරඹා තිබුණි.

මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් එක්කරමින් එම ගීතයේ පද්මාවතී රැජින ලෙස නර්තනයේ නිරත වන ජනප්‍රිය බොලිවුඩ් නිළියක් වන දීපිකා පදුකෝන් පවසා තිබුණේ මේ පිළිබඳව ඉතා සතුටු වන බවයි. තවදුරටත් ඇය පවසා තිබුණේ මේ ඇය පෙනී සිටි අසීරුම නර්තන ජවනිකාව බවයි.

මෙලෙස ජනප්‍රිය වූ ‘ගූමර්’ ගීතය පහතින් නරඹන්න.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top