Oct 31, 2017

කරන් ජොහාර් ට කෝලි ව ඕනවෙලා ලු!

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාට් කෝලි හා ඔහුගේ පෙම්වතිය යැයි පැවසෙන බොලිවුඩ් නිළි අනුෂ්කා ශර්මා පසුගිය දිනවල යළිත් කතාබහට ලක්විය.

ඒ, ඔවුන් දෙදෙනා පෙනී සිටි අපූරු වෙළඳ දැන්වීමක් හේතුවෙනි. (වීඩියෝව පහතින්)

මෙම වෙළඳ දැන්වීම දුටු ජනප්‍රිය බොලිවුඩ් අධ්‍යක්ෂකවරයෙකු වන කරන් ජොහාර් ඉතා ඉහළින් ප්‍රශංසා කර තිබේ. එහෙත් ඔහු ගේ ප්‍රශංසාව හිමිවී තිබුණේ අනුෂ්කාට නොව කෝලි ට වීම විශේෂත්වයකි.

ඔහු ගේ රංගනයෙන් සතුටට පත් වූ කරන් ජොහාර්, කෝලි ව සිය චිත්‍රපටයකට එක්කර ගැනීමේ කැමැත්තකින් මේ වන විට පසුවන බව ඉන්දියාවේ ‘පින්ක්විලා’ වෙබ් අඩවිය වාර්තා කරයි.

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top