Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Nov 07, 2017

සීමා ඇතිව කලාකරුවන් බද්දෙන් නිදහස් වේ

නව බදු පනත ක්‍රියාත්මක වීමත් සමඟ කලා ක්ෂේත්‍රයේ නිරත වූවන්ගේ නිර්මාණවලින් ලබන වාර්ෂික ශුද්ධ ලාභය රු. ලක්ෂ පහක් දක්වා බදු නිදහස ලැබෙනු ඇති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ එම්. අලි හසන් මහතා පවසයි.

තම නිර්මාණ වෙනුවෙන් නිර්මාණකරුවාට ගෙවිය යුතු පඩි නඩි හෝ අනෙකුත් ගෙවීම් ඇතුළුව කතෘභාග සඳහා ද පිරිවැය දැරීමෙන් පසුව එම නිර්මාණවලින් ලබන ශුද්ධ ලාභය ලක්ෂ 5 දක්වා ආදායම් බදුවලින් නිදහස් කෙරේ. එමෙන්ම නිර්මාණකරුගේ පඩි නඩියෙන් හෝ ශ්‍රමික දීමනාවටද රු. ලක්ෂ 12 දක්වා බදු නිදහස ලැබේ.

ඒ අනුව කලා ක්ෂේත්‍රයේ නිරතවූවන් සඳහා මෙතෙක් විශේෂිත ආකාරයට ලබා දී තිබූ බදු සහන හා විරාම අහෝසි වනු ඇත. ඒ වෙනුවට ආදායම් ලබන, බදු ගෙවිය හැකි සියලු පුරවැසියන්ගෙන් ආදායම් බදු අය කරන ක්‍රමයට කලා කරුවන්ගෙන්ද බදු අයකරනු ලැබේ.

ඒක පුද්ගල ආයතන හා ආදායම් ලබන පුද්ගලයන්හට තම වාර්ෂික ලාභයෙන් ලක්ෂ පහ දක්වා බදු නිදහස ලැබේ. ඉන් ඔබ්බට ලබන ලාභයෙන් ලක්ෂ 6 දක්වා 4% බැගින්ද, ඊලඟ ලක්ෂ 6 දක්වා 8% බැඟින් ද බදු අය කරනු ලැබේ. එසේ ලක්ෂ 6 බැගින් වැඩිවන සෑම කොටසකටම ගෙවිය යුතු ආදායම් බදු ප්‍රමාණය 4% බැඟින් වැඩි වනු ඇත.

මෙම ආදායම් බදු ක්‍රමය තම ව්‍යාපාර මත ලාභ ලබන ඒක පුද්ගල ආයතන හා ආදායම් ලබන අනෙකුත් සියලු පුද්ගලයන් හට එක හා සමාන ලෙස බලපවත්වනු ඇත. මෙම නව බදු ක්‍රමය 2018 අප්‍රේල් 01 බදු වසරේ සිට ක්‍රියාවට නැංවේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top