Nov 09, 2017

ප්‍රධාන චැනල් 4 රට ටෙලි හා චිත්‍රපට නවත්තයි ? Featured

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ශ්‍රී ලංකාවට ආනයනය කර හඬකවා දේශීය වශයෙන් ප්‍රදර්ශනය කරන ටෙලිනාට්‍ය, චිත්‍රපට හා වාණිජ වැඩසටහන් සඳහා අයකරනු ලබන බද්ද වැඩි කිරීමට විරෝධය දක්වමින් ඒවා ප්‍රදර්ශනය කිරීම නවත්වා දැමීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

අදාළ, තීරණයට එළඹ ඇත්තේ සිරස, හිරු, ස්වර්ණවාහිනී හා දෙරණ යන නාලිකාවන්ය.

එම නාලිකාවන් වල ප්‍රධානනීන් අදාළ බදු වැඩි කිරීම සිදු කළ දිනයේම මුදල් අමාත්‍යවරයා හමුවී මේ සම්බන්ධයෙන් විරෝධය දක්වා ඇතැයි පැවසේ.

ඔවුන් පෙන්වා දෙන්නේ ආනයනය කර හඬකවා දේශීය වශයෙන් ප්‍රදර්ශනය කරන ටෙලිනාට්‍ය, චිත්‍රපට හා වාණිජ වැඩසටහන් නවත්වා දැමීමෙන් හඬ කැවීම් ශිල්පීන් 2,000කට පමණ රැකියා අහිමිවන බවයි.

රට වැඩ වෙනුවෙට මෙරට ගේම් ෂෝ

ආනයනය කර හඬකවා දේශීය වශයෙන් ප්‍රදර්ශනය කරන ටෙලිනාට්‍ය, චිත්‍රපට හා වාණිජ වැඩසටහන් නැවැත්වීමෙන් හිස්වන වේලාවන් සඳහා නළු නිළියන් සහභාගි කරගනිමින් සිදුකරනු ලබන තරග වැඩසටන් ඇතුළත් කරන බවද ඔවුන් දන්වා ඇතැයි පැවසේ.

එවැනි වැඩසටහන් ඉතා ලාභ දායක බවද වාර්තා වේ.

පවුල් කඩන හොරිකඩ මෙගා !

මේ සම්බන්ධයෙන් නම කීමට අකමැතිවූ ටෙලිනාට්‍ය ප්‍රවීනයකු කියා සිටියේ පිටරටින් ගෙන්වා හඬකවන මේ ටෙලි, චිත්‍රපට හා වැඩසටහන් වලින් පවුල් ආරවුල් ඇතිවීමේ ප්‍රවනතා ඇතිවී ඇති බවයි.

එසේම, බොහෝ හඬ කැවීම් සිදුකරනු ලබන ශිල්පීන් දක්ෂ නළු නිළියන් බවද කී ඔහු ඔවුන්ට රඟපෑමට ටෙලි නොවන නිසා මෙසේ කාගෙහෝ රූපයකට සිය හඬ ලබාදෙන බවයි.

කෙසේවුවද, නාලිකා ප්‍රධානීන් කියන පරිදි මේ තීන්දුවෙන් රැකියා අහිමි වන්නේ නම් ඒ 500කට පමණ අතලොස්සකට බවත්, හඬකවා දේශීය වශයෙන් ප්‍රදර්ශනය කරන ටෙලිනාට්‍ය, චිත්‍රපට හා වාණිජ වැඩසටහන් නිසා මෙරට ටෙලි කර්මාන්තය හා චිත්‍රපට නැත්තට නැතිවූ බවයි.

ඉන් රැකියා අහිමිවූ එම කේෂත්‍රයේ පිරිස පන්දහස ඉක්මවන බවද ඔහු කියා සිටියේය. ටෙලි හෝ චිත්‍රපටිවලින් ජීවත් වන්නේ නළු නිළියන් පමණක් නොවන බවත් ඒවා නිෂ්පාදනයෙන් වක්‍රාකාරයේ රැකියා විශාල ප්‍රමාණයක් උත්පාදනය වන බවද ඔහු කියා සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top