Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Nov 22, 2017

දීපිකා, සංජේ ගේ හිස් වලට ඩොලර් මිලියන 1.5ක්?

දාහතරවැනි සියවසේ සිටි ඉන්දීය රැජිනකගේ කතාපුවතක් ඔස්සේ නිර්මාණය වූ ‘පද්මාවතී’ චිත්‍රපටයේ එළිදැක්වීම මේ වන විට ප්‍රමාද වී තිබේ.

මීට හේතුව වන්නේ ඉන්දියාවේ පාලක පක්ෂයේ දේශපාලඥයෙකු විසින් මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂක වන සංජේ ලීලා බන්සාලි ගේ හා ප්‍රධාන නිළිය වන දීපිකා පදුකෝන් ගේ ගසාදැමූ හිස් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 1.5ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමමයි.

මෙලෙස මුදල් ත්‍යාගය පිරිනමා ඇත්තේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ගේ භාරතීය ජනතා පක්ෂයේ දේශපාලඥයෙකු වන සුරාජ්පාල් අමූ විසිනි.

මෙලෙස දීපිකා ගේ හා බන්සාලි ගේ හිස් ගසා දමන්නන් හට ඉන්දීය රු. කෝටි 10ක් ලබාදීමටත් ඔවුන් ගේ පවුල් වල අවශ්‍යතා සැපිරීමට වගබලාගන්නා බවත් BJP පක්ෂයේ ප්‍රාන්ත මාධ්‍ය සම්බන්ධීකාරක ධූරයක් හෙබවන සුරාජ්පාල් විසින් පසුගිය ඉරිදා දින පැවැත්වූ මහජන රැළියකදී පවසා ඇතැයි ANI පුවත් ඒජන්සිය වාර්තා කර තිබුණි.

පසුව ‘ඉන්ඩියන් එක්ස්ප්‍රස්’ පුවත් සේවය වෙත අදහස් දක්වමින්ද ඔහු පවසා ඇත්තේ මෙම චිත්‍රපටය දර්ශනය කිරීමට ඉඩනොතබන බවයි.

කෙසේවෙතත්, සුරාජ්පාල්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට BJP පක්ෂය කටයුතු කරන බව මොහු ගේ ප්‍රකාශයන් හෙළා දකිමින් එම පක්ෂයේ නියෝජිතයෙකු සඳහන් කළ බවට බ්‍රිතාන්‍යයේ ඉන්ඩිපෙන්ඩන්ට් පුවත් සේවය වාර්තා කරයි.

‘පද්මාවතී’ චිත්‍රපටය මගින් ඉන්දීය ඉතිහාසය වරදවා මවාපෙන්වන බව බොහෝ පාර්ශව විසින් මේ වන විටත් විරෝධය පළ කර තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top