15976 BM WEB BANNER 01
Nov 22, 2017

නෝනා නෙමෙයි කියන්න උසාවි ගිය නෝනා !

තමා අවිවාහක බව ඔප්පු කිරීමට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පකිස්තානු නිළියක් හට සිදුවී තිබේ.

මෙම නඩු විභාගය මේ වන විට සත් වසරක් පුරාවට විභාග වෙමින් පවතින බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙම සිදුවීමට මුහුණදී ඇත්තේ ඉර්තිසා රුබාබ් හෙවත් මීරා නම් පකිස්තානු නිළියයි.

ඇගේ සැමියා බවට පවසාගන්නා පිරිමියෙකු ට එරෙහිව මෙම නඩුවිභාගය පැවැත්වේ.

පකිස්තානයේ ලාහෝරය කේන්ද්‍රගත කරගත් සිනමා ක්ෂේත්‍රය හෙවත් ලොලිවුඩ් හි ජනප්‍රිය නිළියක් වන මීරා, එරට සම්මාන කිහිපයක් ද දිනාගෙන ඇති අතර, බොලිවුඩ් චිත්‍රපට කිහිපයකද රඟපා ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top