15976 BM WEB BANNER 01
Nov 27, 2017

ප්‍රවීණයන් පැරදූ අවු. 14 කෙල්ල!

ප්‍රවීන රංගන ශිල්පිනියන් අභිබවමින් චීන ගෝල්ඩන් හෝර්ස් සිනමා සම්මාන උළලේ හොඳම සහය රංගන ශිල්පිනියට හිමි සම්මානය දිනා ගැනීමට 14 වියැති දැරියක් සමත් වී තිබේ.

විකී චෙන් වන ඇය, සම්මානය හිමිකරගත්තේ “ද බෝල්ඩ්,ද කරප්ට් ඇන්ඩ් ද බියුටිෆුල්” යන චිත්‍රපටය වෙනුවෙනි.

චීන භාෂා ඔස්කාර් සම්මාන උළෙල ලෙසද හැඳින්වෙන “ගෝල්ඩන් හෝර්ස්” සම්මාන උළෙල මෙවර පැවැත්වුනේ 54 වරටයි.

මීට අමතරව, ඇය හොඳම නිළිය සඳහා වූ සම්මානය සඳහා ද නිර්දේශ වී තිබුණු නමුත් එම සම්මානය ප්‍රවීණ නිළි කාරා වායි ට හිමිවිය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top