15976 BM WEB BANNER 01
Dec 05, 2017

නීතිය මතුවී චිත්‍රපටිය අකුලයි

අද (05දා) සවස 4ට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබූ "පනෙයිමරකාඩු” චිත්‍රපටය ප්‍රදර්ශනය අත්හිටුවීමට සිදුව ඇති බව එහි සංවිධායකවරුන් දන්වා සිටියි.

මෙම හදිසි තීරණයට හේතුව නම් චිත්‍රපටයේ නිෂ්පාදනය හා හිමිකාරිත්වයට අදාළ නීතිමය කරුණු මතු කරමින් යම්කිසි පාර්ශවයක් විසින් එවන ලද ලිපියක් නිසා ප්‍රදර්ශනය අත්හිටුවීමට ජාතික චිත්‍රපට සංස්ථාව තීරණය කිරීම බව ඔවුන් සඳහන්කර සිටියි.

අවසන් මොහොත දක්වාම මෙම කටයුත්ත සාර්ථක කරගැනීමට ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා ඇතුළු කාර්ය මණ්ඩලය දැක්වූ සහය ඉතා අගය කොට සලකන්න බවත් මේ සඳහා පුළුල් ප්‍රචාරයන් ලබා දුන් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය වෙත ස්තුති පූර්වක වන බවත් සංවිධායකවරුන් දන්වා සිටියි.

සිනමා පටයට අදාළ නීතිමය කටයුතු බේරුම් කරගැනීම අදාළ පාර්ශවයන්ට පැවරෙන බවත් ඉතා උද්යෝගිමත් ප්‍රේක්ෂක පිරිසකට මෙම හදිසි තීරණය නිසා අත්විඳීමට වන අපහසුතා සම්බන්ධයෙන් බෙහෙවින් කණගාටුවට පත්වන බවත් ඔවුන් දන්වා සිටියි.

සබැඳි පුවත්
පන්නෛයිමරක්කාඩු පළමු වරට කොළඹට

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top