15976 BM WEB BANNER 01
Dec 06, 2017

ශෂී කපූර් කියා වෙනත් නළුවන් පෙන්නා BBC සමාව ඉල්ලයි (වීඩියෝ)

කලක් රෝගාතුරව හිඳ 79 වැනි වියේදී දිවි සිනමාව හැරගිය බොලිවුඩ් නළු ශෂී කපූර් ගේ මරණය දැනුම් දීමේදී ඔහුගේ රූපය වෙනුවට වෙනත් ප්‍රකට හින්දි නළුවන් දෙදෙනකු රඟපාන දර්ශන පෙන්වීම ගැන BBC ය සමාව ඉල්ලා තිබේ.

ජගත් මාධ්‍ය දැවැන්තයාගේ 4 සඳුදා නිව්ස් ඇට් ටෙන් රාත්‍රී ප්‍රවෘත්ති විකාශයේ දී මාධ්‍යවේදී හියු එඩ්වර්ඩ්ස් මරණය ගැන දැනුම් දෙන අවස්ථාවේ පෙන්වා ඇති රූප රාමු එකකවත් පෙන්වා ඇත්තේ චිත්‍රපට 150 කට වැඩි සංඛ්‍යාවක රඟපෑ නළුවා නොවේ.

ඒ වෙනුවට ප්‍රචාරය කොට ඇත්තේ අමිතාබ් බච්චන් සහ රිෂි කපූර් රඟපාන චිත්‍රපට දෙකක දර්ශනයි.

වරද දුටු නරඹන්නන් තම බරපතල විරෝධය සමාජ මාධ්‍ය ඔස්සේ පළකිරීමෙන් අනතුරුව වැඩසටහන් නිෂ්පාදක පෝල් රොයාල් ට්විටර් මගින් සමාව ඉල්ලා තිබුනි.

වීඩියෝ

කෙසේ වෙතත්, BBC කාර්ය මණ්ඩල සාමාජිකයන්මත් සිදුවූ වරද නොසැලකිල්ලෙන් වුවක් ලෙසට සමාජ මාධ්‍ය මගින් විවේචනය කර තිබුනි.

වන්’ස් සිටිසන් ඛාන් නම් ජනප්‍රිය වැඩ සටහනේ නිර්මාපක අදිල් රායි ට්විටර් පණිවුඩයකින් පවසා තිබුනේ සිනමා දර්ශනයේ ඉන්නා “දුඹුරු තැනැත්තා” සහ මියගිය නළුවා එක් අයකු යයි BBC ආයතනයේ අයකු හිතන්නට ඇති බවයි.

විචාරක රසික සම්මාන පූජිත ශෂී කපුර්ගේ අවසන් කටයුතු අමිතාබ් භච්චන් ඇතුළු නළු නිළියන්ගේත් දහස් සංඛ්‍යාත ජනකායකගේත් ගෞරවාදරය හා දැඩි රැකවල් මැද 5 අඟහරුවාදා රාජ්‍ය ගෞරවයෙන් මුම්බායි හි සැන්ටාකෘස් හින්දු ආදාහනාගාරයේදී සිදු කෙරිනි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top