Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Dec 11, 2017

ඩන්ගල් ළමා නිළියට ගුවනේ දී අකරතැබ්බයක්!

අතිජනප්‍රිය ඩන්ගල් චිත්‍රපටයෙන් බොලිවුඩ් තිරයට පිවිසි ළමා නිළි - සයිරා වසීම් හට පසුගියදා අප්‍රසන්න සිදුවීමකට මුහුණපෑමට සිදුවූ බව වාර්තා වේ.

නවදිල්ලිය හා මුම්බායි නුවර අතර ගුවන්ගමනක් අතරතුරදී ඇය ස්ත්‍රී හිංසනයකට මුහුණපෑමට සිදුව තිබේ.

ගුවන්ගමන අතරතුරේදී තමා නින්දකට වැටුනු අවස්ථාවකදී මැදි වයස් පිරිමියෙකු විසින් ඔහු ගේ පාදයෙන් සිය ගෙළ හා පිට ප්‍රදේශය ස්පර්ශ කළ බව සයිරා පවසයි.

ගුවන්යානය ගැස්සීම හේතුවෙන් මෙලෙස දැනෙන බව තමා මුලින් සිතුවද එය ඔහු සිතාමතාම සිදුකරන්නක් බව පසුව තමාට තේරුණු බව ඇය සඳහන් කරයි.

ඉන්ස්ටර්ග්‍රෑම් පණිවිඩ ඔස්සේ තමාට මුහුණදීමට සිදුවූ මෙම සිද්ධිය පිළිබඳව හෙළිකළ සයිරා, වැඩිදුරටත් පවසා තිබුණේ මෙම පුද්ගලයාගේ ඉහත හැසිරීම වීඩියෝගත කිරීමට ගුවන්යානය තුළ වූ ආලෝකය ප්‍රමාණවත් නොවුන බවයි.

කෙසේවෙතත්, ඇය ගමන්ගත් ගුවන්යානය අයිති එයාර් විස්ටාරා සමාගම මේ සම්බන්ධයෙන් සමාව ඉල්ලමින් පවසා තිබුණේ මේ සම්බන්ධයෙන් සිය කාර්ය මණ්ඩලය දැනුවත් වී තිබුණේ යානය ගොඩබැස්වීමට ආසන්නේ දී බවයි.

මෙවැනි හිංසාකාරී හැසිරීම් කිසිසේත්ම නොඉවසන බවත්, මේ සම්බන්ධයෙන් දීර්ඝ පරීක්ෂණයක් ආරම්භ කිරීමට කටයුතු කර ඇතිබවත් එම සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ මේ සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. කෙසේවෙතත්, එම පුද්ගලයා ගේ අන්‍යන්‍යතාවය හෙළිදරව් කර නොමැත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top