nsb

Nov 29, 2016

ජාතික රූපවාහිනියට සම්මාන 27 ක්

මෙවර රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙල පසුගිය (21දා) පස්වරුවේ නෙළුම් පොකුණ  රඟහලේ දී ප්‍රවීණ මාධ්‍යවේදී, රූපවාහිනී තිර රචක සෝමවීර සේනානායක මහතාගේ හා ප්‍රවීණ රංගවේදිනී අයිරාංගනී සේරසිංහ මහත්මියගේ  ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

ira1මෙහිදී පසුගිය වසරේ සියලු රූපවාහිනී නලිකා ඔස්සේ විකාශනය වූ ටෙලිනාට්‍ය සහ වැඩසටහන් ඇගයීමට ලක් වූ අතර සියලු නාලිකා අභිබවමින් ජාතික රූපවාහිනිය සම්මාන 27 ක් දිනා ගැනීමට සමත් විය.

 රූපවාහිනී ක්ෂේත්‍රයට කරන ලද සේවාව උදෙසා ප්‍රවීණ නාට්‍යවේදී , ගේයපද රචක ලූෂන් බුලත්සිංහල මහතා  ජීවිතයේ එක්වරක් පමණක් හිමිවන යාවජීව  විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබූ අතර රූපවාහිනී ක්ෂේත්‍රයට කරන ලද සේවය වෙනුවෙන් ආචාර්ය සෝමසිරි ඉලේසිංහ මහතා (රූපවාහිනී සංගීත ක්ෂේත්‍රය), ගිවන්ත අර්ථසාද් මහතා (රූපවාහිනි මාධ්‍ය රූප ක්ෂේත්‍රය) , ජී. එන්. ගුණවර්ධන මහතා (රූපවාහිනී නිෂ්පාදන සේවා  ක්ෂේත්‍රය) , ටි. ශ්‍රී ස්කන්ධරාජා (රූපවාහිනී ඉංජිනේරු ක්ෂේත්‍රය), ධර්මදාස පරණගම මහතා (රූපවාහිනී පර්යේෂණ ක්ෂේත්‍රය) , සම්මානයෙන් පිදුම් ලැබුවේය.

එහිදී  හොඳම නිළිය ලෙස සම්මාන දිනූයේ ජාතික රූපවාහිනියෙන් විකාශය වු අනුරුද්ධ ජයසිංහ අධ්‍යක්‍ෂණය කළ 'කවිය නුඹ' ටෙලි නාට්‍යයේ හිමාලි සයුරංගි ය. හොදම ප්‍රාසංගික ටෙලි නාට්‍ය වශයෙන් සම්මානයට පාත්‍රවූයේ 'සඳ විනිවිද'  ටෙලි නාට්‍යයයි.

හොඳම සහාය නිළිය ලෙස ජාතික රූපවාහිනියෙන් විකාශය වූ ප්‍රියන්ත ප්‍රනාන්දු අධ්‍යක්‍ෂණය කළ 'සඳ විනිවිද' නාට්‍යයේ රඟපෑ දිස්‌නාගේ චරිතය පණපෙවූ චමිලා පීරිස්‌ ද , හොඳම ගායනය සඳහා ජාතික රූපවාහිනියෙන් විකාශය වූ 'සත්පත්තිනි' ටෙලි නාට්‍යයේ තිස්‌ස ජයවර්ධන ද, ආරාධිතයන් අතින් සිය සම්මාන තිළිණ ලබාගත්තේය.

හොඳම ඒකාංගික ටෙලිනාට්‍ය සදහා සන්තුෂ ලියනගේ සම්මානය හිමිකර ගත්තේ 'නැවතුම් පොළ' නිර්මාණය වෙනුවෙනි. හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක (දෙමළ) රංජනී රාජ්මෝහන්, හොදම ප්‍රවෘත්ති ප්‍රකාශක (ඉංග්‍රීසි) ෂැරෝන් මස්ක්‍රීනීයස් ද හොඳම ළමා වැඩසටහන ලෙස 'කතා මල්ල' ද, හොඳම ක්‍රීඩා වැඩසටහන ලෙස 'සුදු පෙණ මත පහුරු පැනුම'  ද හොඳම අධ්‍යාපනික වැඩසටහන ලෙස 'හැඩ සහ වැඩ' ද වශයෙන්  සම්මාන රාශියක් දිනා ගනිමින් ප්‍රමිතියේ මුද්‍රාව සටහන් කරන්නට  ජාතික රූපවාහිනිය සමත් විය.

Lizard of Sri Lanka නිර්මාණය කළ පූජිත දිසානායක හොදම වාර්තා වැඩසටහන වෙනුවෙන් සම්මාන ලැබීය.

මෙවර රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙලේදී ජාතික රූපවාහිනිය ලද සම්මාන වලට අමතරව වැඩසටහන් සහ ටෙලි නාට්‍ය සදහා නිර්දේශ 70 කට වැඩි සංඛ්‍යාවකට හිමිකම් කීමටද ජාතික රූපවාහිනිය සමත්ව තිබේ.

සබැදි පුවත්
රාජ්‍ය සම්මාන උලළේ හොඳම නළුවා රොෂාන්

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top