Dec 05, 2016

නැටලි, ජැකී ට පණදෙයි

හොලිවුඩ් පුරයේ දක්ෂතම නිළියක් ලෙස මේ වන විට නම්දරා සිටින නැටලි පෝට්මන් සිය රංගන දක්ෂතා තවත් ඉහළ තලයකට ගෙන ගොස් තිබේ.

ඒ, ඇගේ නවතම චිත්‍රපටය වන ‘ජැකී’ තුළිනි.

මෙහිදී ඇය පණපොවන්නේ ඝාතනය වූ ඇමෙරිකාවේ හිටපු ජනපති ජේ. එෆ්. කෙනඩි ගේ බිරිඳ වන ජැකලින් කෙනඩි ටය.

මෙහිදී ඇයට, කෙනඩි මහත්මිය හැසිරෙන ආකාරය, බස හසුරවන ආකාරය පවා අනුකරණය කිරීමට දැවැන්ත ප්‍රයන්තයක් දැරීමට සිදුවී තිබේ.

මෙම චිත්‍රපටය දෙසැම්බර් 02දා එළිදැක්වුනු අතර, ඇය ඉතා අපූරුවට ජැකලින් ගේ චරිතය නිරූපණය කරන බවට බොහෝ දෙනාගේ අදහසයි.

මේ වන විට එක්දරු මවක් වන නැටලි, ලබන වසරේ මුලදී සිදුවීමට නියමිත සිය දෙවැනි දරුවා ගේ උපත බලාපොරොත්තුවෙන් සිටියි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top