Dec 06, 2016

කුලියට ගත් ශ්‍රී ලංකන් යානා වලට ගෙවීම් හිරවේ?

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් තවත් එයාර්බස් A330 යානා දෙකක් කුලී පදනම මත ලබාගැනීම පාකිස්තාන ජාත්‍යන්තර ගුවන් සේවය (PIA) තවදුරටත් ශ්‍රී ලංකාව හා සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තා වේ.

මේ අතර, ඔවුන් විසින් මීට පෙර ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් යානා ලබාගත් කුලී පදනම් ගිවිසුම සංශෝධනය කර ඒ සඳහා වට්ටමක් ලබාදෙන මෙන්ද පාකිස්තාන ජාත්‍යන්තර ගුවන් සේවය ඉල්ලා සිටින බව ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

මේ වන විටත් කුලී පදනමට ලබා ගත් ගුවන්යානා සඳහා ගෙවීම් PIA විසින් ප්‍රමාද කර ඇති අතර, මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන්සේවයේ ඉහළ කළමනාකාරිත්වයද PIA සමාගමෙන් ලිඛිතව විමසා ඇතැයි වාර්තා වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top