Dec 06, 2016

ලංකා සීනි, බිලියනයක ලාභ ලබයි

පසුගිය කාලය පුරාවට අධික පාඩු ලැබූ රජයේ ලංකා සීනි සමාගම පළමු වතාවට රු. බිලියනයක ලාභ ලබා ඇතැයි වාර්තා වේ.

පසුගිය 02දා පැවති අයවැය කාරක සභා අවස්‌ථාවේ විවාදයේ දී වාණිජ කටයුතු ඇමති රිෂාඩ් බතිවුදීන් මහතා මේ බව පවසා සිටියේය.

වසර 2016 තෙවැනි කාර්තුව තුළදී මෙම ලාභ අත්කර ගැනීමට සමත් වූ බවත්, මෙම ලාභය ලබාගෙන ඇත්තේ වසර 2015දී ලංකා සීනි සමාගම ලබා තිබූ රු. බිලියනයක පාඩුවකින් අනතුරුව බවත් හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.

ලබන වසරේ ජනවාරි 01දා සිට ක්‍රියාත්මක වන පරිදි උක් මෙට්‍රික් ටොන් එකක් සඳහා රු. 5,000ක අවම මිලක් නියම කිරීමට සිදු කර ඇති අයවැය යෝජනාව ප්‍රශංසා කළ අමාත්‍යවරයා, මොනරාගල, මඩකලපුව, කිලිනොච්චිය, හා අම්පාර දිස්ත්‍රික්ක වල සීනි කම්හල් වල ආයෝජනය කරන මෙන් දෙස් විදෙස් ආයෝජකයන්ගෙන් ඉල්ලා සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top