Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Dec 10, 2016

මහ බැංකු අධිපති අස්වීමට යයි !

වත්මන් මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට උවමනා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත දන්වා ඇතැයි රජයේ ඉහල පෙලේ ආරංචි මාර්ග සදහන් කරයි.

මහ බැංකුවේ බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වූ කතාබහකදී අගමැතිවරයා ප්‍රසිද්ධියේ ම ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාට හා මුල්‍ය මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකුට බැනවැදීම ඊට හේතුව බව පැවසේ.

පවතින තත්වය යටතේ තමන් මහ බැංකු අධිපති ඉල්ලා අස්වීමට වඩාත් කැමති බව කුමාරස්වාමි මහතා දන්වා තිබුණද විධිමත් අධ්‍යයනයකින් පසු ඔහු මහ බැංකු අධිපති ධුරයට පත් කල බව පවසා ඇති ජනාධිපතිවරයා ධුරයෙන් ඉල්ලා අස් නොවන ලෙස ඔහුගෙන් ඉල්ලා ඇතැයිද වාර්තා වෙයි.

රජයේ මුල්‍ය මණ්ඩල සාමාජිකයින් වන නිහාල් ෆොන්සේකා, ක්‍රිෂාන්ත පෙරේරාද මහ බැංකු අධිපතිවරයා සමගම ධුරයන්ගෙන් ඉල්ලා අස්වීමට අවශ්‍ය යයි දන්වා ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top