nsb

Dec 13, 2016

‘සිංගර් චිලව් ෆියෙස්ටා’ වෙතින් නත්තල් සමයට වට්ටම්

උදාවන නත්තල් සමයේදී වාසි රැසක් හලාවත පුරවරයට පැමිණීමට ශ්‍රී ලාංකේය ගෘහ උපකරණ වෙළඳපොලේ ප්‍රමුඛස්ථානයේ වැජඹෙන සිංගර් (ශ්‍රී ලංකා) සමාගම සැරසේ.

‘සිංගර් චිලව් ෆියෙස්ටා’ වෙළඳ ප්‍රදර්ශනය මෙවර දෙසැම්බර් 17 -19 දක්වා හලාවත ලේඩි රෝස් සම්මන්ත්‍රණ ශාලාවේදී උදෑසන 09 සිට රාත්‍රී 09 දක්වා පැවැත්වෙන අතර, ලොව විශිෂ්ටතම වෙළඳ නාමයන්ගෙන් යුත් අති නවීන තාක්ෂණයෙන් පිරිපුන් ගෘහ උපකරණ රැසක් 50% දක්වා වූ වට්ටම් සහිතව මිලදී ගැනීමේ මහඟු අවස්ථාවක් මෙහිදී උදා වේ.

ඉතා විශේෂ වට්ටම් වලට අමතරව, විශේෂ දිනුම් ඇදීම්, සූප ශාස්ත්‍ර වැඩමුළු, කුඩා දරුවන් සඳහා වූ තරග, මැහුම් ගෙතුම් වැඩමුළු ආදී මුළු පවුලටම එක්විය හැකි අංග රාශියක් පැවැත්වීමට සිංගර් (ශ්‍රී ලංකා) සමාගම බලාපොරොත්තු වේ.
 
සිංගර් ශ්‍රී ලංකා වෙළඳ හා වාණිජ්‍ය අධ්‍යක්ෂක මහේෂ් විජේවර්ධන මහතා පවසන්නේ නත්තල් උත්සව සමයේදී විශේෂ වට්ටම් හා නව භාණ්ඩ ලබාදීමට ‘සිංගර් චිලව් ෆියෙස්ටා’ වෙළඳ ප්‍රදර්ශනය වෙතින් බලාපොරොත්තු වන බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top