Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Dec 15, 2016

යාහු සයිබර් ප්‍රහාරයෙන් බිලියනකට බලපෑම්

වසර 2013දී සිදු වූ සයිබර් ප්‍රහාරයකින් බිලියනයක පමණ පුද්ගලයන් ගේ ගිණුම් දත්ත සොරාගෙන ඇති බවට යාහූ සමාගම හෙළිදරව් කරයි.

කෙසේ වෙතත්, මෙම හෙළිදරව්ව, පසුගිය සැප්තැම්බර් මාසයේදී හෙළිදරව් කෙරුණු 2014 ප්‍රහාරයට සම්බන්ධ නොවන බවට දිස්වන බව යාහූ සමාගම වැඩිදුරටත් පවසයි.

වසර 2013 ප්‍රහාරයෙන් යාහු භාවිතා කරන්නන්ගේ නම්, විද්‍යුත් තැපැල්, දුරකතන අංක, හා මුරපද සොරාගෙන තිබුනත්, බැංකු හා ගෙවීම් සිදුකිරීමේ දත්ත සොරාගෙන නැතැයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

මේ වනවිට වෙරිසොන් නම් සමාගම විසින් මිලටගෙන ඇති යාහූ,මේ සම්බන්ධයෙන් බලධාරීන් හා පොලිසිය සමග කටයුතු කරන බව පවසා තිබේ.

සබැඳි පුවත් :

යාහු මුරපද වහාම වෙනස් කරන්න ලු!

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top