Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Dec 15, 2016

මහජන බැංකුවේ නව ලාංඡනය එළිදකියි

වසර 1961දී මෙරට ආරම්භ වූ මහජන බැංකුවේ නව ලාංඡනයේ එළිදැක්වීම ඊයේ (14) දිනයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වුණි.

කොළඹ හිල්ටන් හෝටලයේ පැවති මෙම එළිදැක්වීමේ උත්සවයට මහජන බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩලය හා සේවකයන්, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්, මුදල් අමාත්‍ය රවී කරුණානායක, මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන හා රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය.

මෙම උත්සවය අමතමින් මහජන බැංකුවේ සභාපති - හේමසිරි ප්‍රනාන්දු මහතා පැවසුවේ, “වඩාත් නූතන හා පහසු බැංකුකරණ ක්‍රමවේද වලට ජනතාවගේ බැංකුව වන මහජන බැංකුව මේ වන විට යොමු වී ඇති අතර, මෙම අවස්ථාව සැමරීමට අප නව ලාංඡනය එළිදක්වන,” බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top