nsb

Dec 16, 2016

නව තෑගි රසක් සමග "සංවර්ධන වාසනාව" යළිත් (වීඩියෝ)

ලොතරැයි වෙළඳපළට නව ප්‍ර‍වණතාවයන් හඳුන්වාදීමේ ප්‍ර‍මුඛයා ලෙස  විරුදාවලි ලබා සිටින සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් ඊයේ (15) දිනයේදී ද පාරිභෝගිකයින්ට නවතම අත්දැකීමක් ලබා දීමට කටයුතු කර තිබුණි.
ඒ, මෙරට ලොතරැයි මිලදී ගන්නන්ගේ හදවතේ ලැගුම් ගෙන සිටි ප්‍රබල සන්නම් නාමයක් වූ "සංවර්ධන වාසනාව" නව තෑගි රසයක් සමග යළි එළිදැක්වීමත් සමගිනි. 
 
 
ඊයේ පැවති මෙම අවස්ථාවට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති - රොමේෂ් ජයවර්ධන මහතා ඇතුළු අමුත්තන් රැසක් සහභාගී වී සිටි අතර, බෙදාහැරීමේ අලෙවි නියෝජිතයන් සඳහා නව ලොතරැයි පත් බෙදාදීම සංවර්ධන ලොතරැයි මණ්‌ඩලයේ සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. 
 
මෙහි ඇති විශේෂත්වය වන්නේ මහා ජයමල්ල ලෙස රු.5,000,000/- ද සුපිරි ජයමල්ල ලෙස රු.2,000,000/- හා ජයමල්ල ලෙස රු 1,000,000/- කින් ඇරඹෙන වැඩිවන ජයමලු 3ක් සමඟ තවත් රු 500,000/- ත්‍යාගයන් හා පසුපෙල හා මැදපෙල විශාල ත්‍යාගයන් ප්‍රමාණයක් බිහිවන පරිදි මෙම ලොතරැයිය නිර්මාණය කර තිබීමයි.
 
එසේම මෙම ලොතරැයි පතේ ඇති තවත් සුවිශේෂත්වයක් වන්නේ වර්ශයේ මාස 12 දිනුම් ඇදීමෙන් ලොතරැයි මිලදී ගන්නන් හට තමන් ඉපදුන වාසනාවන්ත මාසයට අනුව ලොතරැයි මිලදී ගැනීමට හැකිවන පරිදි 2016 දෙසැම්බර් 15 වන දින සිට මෙම නව සංවර්ධන වාසනාව ටිකට්පත වෙළඳපොලට නිකුත් කිරීමට කටයුතු කර ඇත.
 
එලෙසම පළමු දිනුම් ඇදීම 2016 දෙසැම්බර් 22 දින ජාතික රූපවාහිනිය මඟින් විකාශණය කරනු ඇත. ටිකට්පතක මිල රු. 20 වන අතර සෑම බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනකම දිනුම් ඇදීම සිදු කරන බව සංවර්ධන ලොතරැයි මණ්ඩලය නිවේදනය කරයි.
 
මෙම ලොතරැයි දිනුම් අදිනු ලබන ආකාරය වන්නේ පළමු යන්ත්‍රයෙන් පන්දු 60 න් පන්දු 04 ක් ජයග්‍රාහී අංක ලෙසද දෙවන යන්ත්‍රයේ පන්දු 12 න් එක් පන්දුවක් වාසනාවන්ත මාසය ලෙසද තෙවන යන්ත්‍රයෙන් පන්දු 06 න් එක් පන්දුවක් සුපිරි අංකය ලෙස ද තෝරා පහත සඳහන් ත්‍යාගයන් ලබා දෙනු ලැබේ.
 
ඕනෑම අංක 1කට රු.20/- ක් ද, අංක 02කට රු.100/- ක් ද, අංක 03කට රු.1000/- ක් ද, අංක 04කට රු.500,000/- ක් ද, ඕනෑම අංක 01 ක් සමඟ වාසනාවන්ත මාසයට රු.40/- ක් ද, අංක 02ක් සමඟ වාසනාවන්ත මාසයට රු.200/-ක් ද, අංක 03ක් සමඟ වාසනාවන්ත මාසයට රු.5000/-ක් ද, අංක 04 සමඟ සුපිරි අංකයට රු.1,000,000/-ක් හෝ එදිනට පවතින ජයමල්ල ද, අංක 04 සමඟ වාසනාවන්ත මාසයට රු.2,000,000/- ක් හෝ එදිනට පවතින සුපිරි ජයමල්ලද , අංක 04 සමඟ වාසනාවන්ත මාසයට හා සුපිරි අංකයට රු. 5,000,000/- ක් හෝ එදිනට පවතින මහා ජයමල්ල ද, දිනා ගත හැකිය.
 
මෙම අලුත් ටිකට්පත මිලදී ගෙන ලොතරැයියක සැබෑ තෑගි රසය විඳගන්නා ලෙස සංවර්ධන ලොතරැයි මණ්ඩලය ලොතරැයි මිලදී ගන්නා ජනතාවගෙන් ඉල්ලා සිටී.
DLB1DLB2DLB3DLB4
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top