nsb

Dec 22, 2016

වෙලාවට වැඩ කිරීමෙන් ශ්‍රී ලංකන් ඉදිරියෙන්

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සමාගම, නියමිත වේලාවට වැඩ කරන ගුවන්සේවා අතරින් තවදුරටත් ඉදිරියට පැමිණීමට සමත් වී ඇතැයි වාර්තා වේ.

ලෝකයේ ගුවන්ගමන් දත්ත පර්යේෂණ සංවිධානයක් වන ‘ෆ්ලයිට්ස්ටැට්ස්’ (Flightstats) සංවිධානයේ නවතම දත්ත විශ්ලේෂණයට අනුව මේ බව හෙළිදරව් වී තිබේ.

මේ අනුව, නියමිත වේලාවට වැඩ කරන ලොව ගුවන්සේවා අතරින් නොවැම්බර් මාසයේදී 11 වැනි ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම සමත් වී ඇත. පසුගිය ජනවාරි මාසයේදී දී ශ්‍රී ලංකන් ගුවන් සමාගම මෙම ලැයිස්තුවේ රැඳී ඇත්තේ 32 වැනි ස්ථානයේ ය.

තවද, නිසි වේලාවට වැඩ කරන ගුවන්සේවා එකතු අතරින් ප්‍රමුඛස්ථානය ගන්නා theoneworld එකතුවට ඇතුළත් ගුවන් යානා අතුරින් නියමිත වේලාවට වැඩ කරන සමාගම් ලැයිස්තුවේ මේ වසරේ ඔක්තෝබර් හා නොවැම්බර් මාස වලදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුවන්නේ සිවුවැනි ස්ථානයේය.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී - සුරේන් රත්වත්ත මහතා පවසා සිටියේ මේ සම්බන්ධයෙන් ඉතා ආඩම්බර වන බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top