Dec 23, 2016

හාල් මාෆියාවට කැබිනට් තල්ලුවක් ? Featured

බදු රහිතව හාල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට පෞද්ගලික අංශයට ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

කෙසේවුවද, මෙරට ප්‍රමාණවත් වී තොග තිබියදී මෙසේ හාල් අපනයනය කිරීමට සූදානම්වන බව කේෂත්‍ර ආරංචි මාර්ගවලින් ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

වසර 2015/16 මහ කන්නයේදී වී මෙට්‍රික් ටොන් මිලියන 2.5ක අස්වැන්නක්ද, 2016 යල කන්නයේදී වී මෙට්‍රික් ටොන් 1.3ක අස්වැන්නක්ද ලැබුණු බව ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය පී. හැරිසන් මහතා කියා සිටී.

මේ වසරේදී (2016) ආසන්න වශයෙන් අස්වැන්න මෙට්‍රින් ටොන් මිලියන 5කට ආසන්න බව පවසන අමාත්‍යවරයා ඉන් මෙට්‍රික් ටොන් 2.7ක් සහල් නිෂ්පාදනයද කළ බව කියා සිටී.

ඒ මහතා පෙන්වාදෙන ආකාරයට වාර්ෂික සහල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 2.2ක් බවත් ඒ අනුව සහල් හිඟයක් ඇතිවිය නොහැකි බවයි.

මහා පරිමාන මෝල් හිමියන් විසින් අදාළ සහල් හිඟය කෘතිමව නිර්මාණයකර ඇති බවටද ඒ මහතා චෝදනා කර සිටී.

පෞද්ගලික අංශයට සහල් ගෙනඒමට ලැබී ඇති කැබිනට් අනුමැතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මිරර් කළ විමසීමකදී වානිජ කටයුතු හා වෙළෙඳ අමාත්‍යංශයේ ලේකම් ටී.එම්.කේ.බී. තෙන්නකෝන් මහතා මෙසේ කියා සිටියේය.

කෙසේවුවද, ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තාවන්නේ මේ හරහා නැවත වරක් පසුගිය කාලයේ ලංකා සතොස හරහා විශාල හාල් මාෆියාවකට සම්බන්ධව සිටි පිරිසකට නැවත එම මාෆියාව නීත්‍යානුකූලවම කර ගැනීමට අවස්ථාව ලැබෙන බවයි.

- කැළුම් ශිවන්ත

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top