Sathosa Ad Final Sinhala
Pasidol
15976 BM WEB BANNER 01
Dec 27, 2016

නව වසරේ DFCC හා එක්ව තෑගි දිනන්න

නව වසරකට පාතබන විට, ඉතිරි කිරීම පවුල් ඒකකය තුළ තවදුරටත් ප්‍රගුණ කිරීමට DFCC බැංකුව විශේෂිත ක්‍රමවේදයක් හඳුන්වා දෙයි.

මෙම ක්‍රමවේදය ජනවාරි 01දා සිට සියළුම DFCC ශාඛා වල ක්‍රියාත්මක වනු ඇත.

මේ අනුව, රු. 25,000ක සමස්ථ මුදලක් සමග DFCC බැංකුවේ ඉතිරිකිරීමේ ගිණුම් දෙකක් හෝ වැඩි ප්‍රමාණයක් විවෘත කරන පාරිභෝගිකයන් හට ක්ෂණික මුදල් ත්‍යාග හෝ රු. 1,250ක් වටිනා තෑගි වවුචර් හිමිවේ. මෙම තෑගි වවුචර් දිවයින පුරා ඇති DSI අලෙවිසැල් හෝ සරසවි පොත් අලෙවිසැල් වලදී භාවිතා කළ හැක.

තවද, ඉහත මුදල තැන්පත් කරන්නේ ඉතිරිකිරීමේ ළමා ගිණුමක නම්, එම පාරිභෝගිකයන් හට රු. 2,500ක මුදල් ත්‍යාග හෝ තෑගි වවුචර හිමිවේ.

මෙම සියලු ගිණුම් සඳහා වර්ධන වර්චුවල් වොලට් පහසුකම නොමිලේ ලබාදෙන අතර, ජේ‍යෂ්ට පුරවැසියන් සඳහා ලබාදෙන ‘වර්ධන ගරු සරු’ ගිණුම් වෙනුවෙන් ලෝයල්ටි කාඩ්පත් හිමිවනු ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී - අර්ජුන් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ පවුල් ඒකකයක් ලෙස ඉතිරි කිරීමට අනුබල දීම, මෙම විශේෂ ප්‍රවර්ධන වැඩසටහයේ අරමුණ බවයි. දෙමාපියන්, ඉතිරිකිරීම සම්බන්ධයෙන් දරුවන්ට ආදර්ශයක් ලබාදීම ඉතා වැදගත් බවත්, පවුල් ඒකකයක් වශයෙන් නව වසරේ ආරම්භයේදී ම තෑගි ලබාදෙමින් ධනාත්මක අයුරින් මෙම කටයුත්ත ආරම්භ කිරීමට DFCC බැංකුව පහසුකම් සලසා ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පවසයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top