Dec 27, 2016

කාර් සිහිනය සැබෑ කරන ‘BoC - Micro දිරි අභිමන්’

පාරිභෝගිකයන් වෙත පහසු ලීසිං හඳුන්වාදීමට මයික්‍රෝ හෝල්ඩිංග්ස් සමාගම පසුගියදා ලංකා බැංකුව සමග එක්විය.

‘BoC - මයික්‍රෝ දිරි අභිමන්’ ලෙස නම් කර ඇති මෙම ලීසිං පහසුකම යටතේ මයික්‍රෝ කාර් පාරිභෝගිකයන් හට විශේෂ පොලී අනුපාතයක් යටතේ මූල්‍ය පහසුකම් ලබාගත හැකිවේ.

මේසඳහා වූ ගිවිසුමට පසුගියදා අත්සත් තැබුණු අතර, මෙම අවස්ථාවට මයික්‍රෝ හෝල්ඩිංග්ස් සමාගමේ නියෝජ්‍ය සභාපති - සබ්‍රි වාහිඩ් හා ලංකා බැංකු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - සී අමරසිංහ යන මහතුන් සහභාගී විය.

මෙම ක්‍රමවේදය මගින් ග්‍රාමීය ප්‍රදේශ වල පැන්ඩා අලෙවියට රැකුලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මයික්‍රෝ සමාගමේ ප්‍රකාශකයෙකු පවසා සිටියේ ‘BoC - මයික්‍රෝ දිරි අභිමන්’ යටතේ විශේෂ වට්ටම් ද හිමිවන බවයි.

මෙම ක්‍රමවේදය යටතේ රු. මිලියන 1.89කට අලෙවි වන මයික්‍රෝ පැන්ඩා මෝටර් රථයක් ලබා ගන්නා ලංකා බැංකු පාරිභෝගියන් සඳහා රු. 20,000ක වට්ටමක්ද, ලංකා බැංකු සේවකයන් සඳහා රු. 25,000ක වට්ටමක්ද හිමිවේ.

තවද, මෙම ක්‍රමවේදය යටතේ රු. මිලියන 2.4කට අලෙවි වන පැන්ඩා ක්‍රොස් මෝටර් රථයක් ලබා ගන්නා පාරිභෝගියන් සඳහා රු. 50,000ක වට්ටමක්ද හිමිවේ.

වැඩිදුර විස්තර ඕනෑම ලංකා බැංකු ශාඛාවකින් හෝ මයික්‍රෝ කාර් අලෙවිසැලකින් ලබාගත හැක.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top