nsb

Jan 02, 2017

සුපුන්ට පුටුව දී හාන්ස් සමුගනියි

ඩයලොග් ආසියාටා පීඑල්සී හි නව ප්‍රධාන විධායක නිලධාරියා ලෙස සුපුන් වීරසිංහ මහතා අද (01) දිනයේ සිට කටයුතු කරනු ඇත.

මේ පිළිබඳව පසුගිය සිකුරාදා දින කොටස් වෙළඳපොල වෙත නිවේදනයක් නිකුත් කරමින් ඩයලොග් ආසියාටා සමාගම ප්‍රකාශ කර තිබේ.

මේ අනුව, වසර ගණනාවක් පුරාවට ඩයලොග් ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා එම ධූරයෙන් සමුගනී. කෙසේ වෙතත්, ඔහු ඩයලොග් ආසියාටා සමූහයේ විධායක නොවන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස තවදුරටත් කටයුතු කරනු ඇති අතර, දකුණු ආසියානු කලාපීය ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙසින් සමූහයේ ඉන්දියාව, බංග්ලාදේශය, පකිස්තානය, නේපාලය හා ශ්‍රී ලංකාව යන රටවල ආයෝජන තීන්දු තීරණ සම්බන්ධයෙන් මූලිකත්වය ගෙන කටයුතු කරනු ඇත.

වසර 1999දී ඩයලොග් ආසියාටා සමාගම හා එක්වූ සුපුන් වීරසිංහ මහතා 2010දී එහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ලෙස කටයුතු කර තිබේ.

වසර 2014දී ඔහු බංගලාදේශයේ රෝබි ආසියාටා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙසද පත්කරනු ලැබුණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top