nsb

Jan 06, 2017

සුමල්ගේ හරක් කොම්පැනිය ඇලෝසියස්ගේ වාර්තාව කැඩීමට යයි ! Featured

කෝටිපති ව්‍යාපාරික සුමල් පෙරේරා විසින් කොටස් වෙළඳ පොළ ලයිස්තුගත ඇක්සස් ඉන්ටනැෂනල් සමාගම පසෙක තබා Foresight Engineering නම් සමාගමක් වෙත සිය කොන්ත්‍රාත බාර ගැනීම වැඩිකිරීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරමින් සිටින බව වෙළඳ කේෂත්‍රයේ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මෙසේ වෙනත් සමාගමක් වෙත කොන්ත්‍රාත් ගැනීම වැඩිකරමින් සිටින්නේ ලාභය උපරිම ලෙස ලබා ගැනීමේ යටි අරමුණින් බව ආර්ථික ප්‍රවීනයෝ කියති.

ඔවුන් පෙන්වාදෙන්නේ ඇක්සස් සමාගමින් කොන්ත්‍රාත් සිදු කළහොත් ඒවායේ ලාභ එහි කොටස් හිමිකරුවන්ට පෙන්වාදීමට සිදුවන බැවින් මේ ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි.

Foresight Engineering සමාගමේ ලිපිනය ලෙස සටහන්ව ඇත්තේ ඩෝසන් වීදිය කොළඹ 02 බව පැවසෙන අතර සුමල් මහතාට අයත් ඇක්සස් සමාගම ඇත්තේද අදාළ ලිපිනයේ බව වාර්තා වේ.

Foresight Engineering සමාගම ඉකුත් රජය සමයේදී බැසිල් රාජපක්ෂ මහතාගේ අධීක්ෂණය යටතේ කිරි හරක් ගෙන්වන ලද සමාගම බවද වාර්තා වේ.

(ඒ සම්බන්ධයෙන් අමාත්‍ය පී හැරිසන් මහතා කළ හෙළිදරව්වක් පහත වීඩියෝවේ. දර්ශන අනුග්‍රහය - හිරු)

අදාළ, ආයතනයේ ප්‍රධාන විධායකයා ලෙස “තියෝ”  නැමැත්තෙක් කටයුතු කරණ අතර ඔහු රජයේ ප්‍රධානීන් සමඟ ඉතා කිට්ටුවෙන් කටයුතු කරමින් මේ ව්‍යාපාරය සිදුකරන බවද පැවසේ.

චීන සමාගමක් විසින් මෑතකදී ලබාගන්නා ලද අනුරාධපුර නගරයේ ජල ව්‍යාපෘතියේ ප්‍රධාන ඉදිකිරීම් සමාගම වන්නේ ද Foresight Engineering ආයතනය වන අතර එම ව්‍යාපෘතියේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 400කි.

ආර්ථික විශ්ලේෂකයින් කියා සිටින්නේ පසුගිය කාලයේ මහ බැංකු බැඳුම්කර හරහා අතිවිශාල ලාභයක් ඉපැයූ අර්ජුන ඇලෝසියස්ගේ පර්පචුවල් ට්‍රෙෂරීස් ආයතනයටද වඩා වැඩි ආදායමක් ඉදිරි වසර කිහිපයේදී Foresight Engineering අත්කරගනු ඇති බවයි.

- කැළුම් ශිවන්ත

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top