15976 BM WEB BANNER 01
Jan 11, 2017

වොක්ස්වැගන් ට බිලියන 4.3ක් දඩයක්

එන්ජිමෙන් පිටවන විෂ වායු විමෝචනය පරික්ෂා කිරීමේදී හඳුනා ගත නොහැකිවන අයුරින් ඩීසල් වාහන නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 4.3ක දඩමුදලක් ගෙවීමට ජර්මනියේ වොක්ස්වැගන් සමාගම ඇමෙරිකානු බලධාරීන් හා එකඟ වී ඇතැයි වාර්තා වේ.

ඇතැම් ඇමෙරිකානු නීති කඩකළ බවට වරද පිළිගන්නා බව වොක්ස්වැගන් සමාගම පවසා තිබේ.

මේ සම්බන්ධයෙන් ඇමෙරිකාවේ අධිකරණ දෙපාර්තමේන්තුව හා එරට රේගුව සමග වොක්ස්වැගන් සමාගම සිදුකරගෙන යන බවත්, එහි අවසන් වාර්තාව වොක්ස්වැගන් හි කළමනාකාරිත්වය හා අධීක්ෂණ මණ්ඩලය විසින් තවමත් අනුමත් කර නැතැයි වාර්තා වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top