nsb1221

Jan 12, 2017

අමානා වෙතින් රෝද උඩ විප්ලවයක්!

වසර 1999 සිට පාරිභෝගික අවශ්‍යතාවයන් හඳුනාගනිමින් රක්ෂණ ක්ෂේත්‍රයේ ඉදිරියටම ගමන් කරන අමානා තකාෆුල් රක්ෂණ සමාගම නවතම විප්ලවයක් ආරම්භ කර තිබේ.

ඒ, ‘රෝද උඩ විප්ලවයක්’ යන තේමාව ඔස්සේ ත්‍රීරෝද හා යතුරුපැදි පදවන්නන් හට විශේෂ රක්ෂණාවරණයන් දෙකක් හඳුන්වා දෙමිනි.

පසුගියදා කොළඹ පැවති උත්සවයකදී, යතුරුපැදි සඳහා ස්මාර්ට් රයිඩර් කවර් (SRC / Smart Rider Cover) නම් රක්ෂණාවරණයද ත්‍රීරෝද සඳහා ටුක්ටුක්ෆුල් (TukTukFull) නම් රක්ෂණාවරණයද හඳුන්දෙනු ලැබුණි.

මෙම අවස්ථාවේදී අමානා තකාෆුල් රක්ෂණ සමාගම විසින් රක්ෂණලාභී හිමියන් කිහිපදෙනෙකුට රක්ෂණාවරණ ද ලබාදීමට කටයුතු කළේය.

මෙහිදී අදහස් දැක්වූ අමානා තකාෆුල් රක්ෂණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී - ෆසාල් ගෆූර් මහතා පවසා සිටියේ මෙම රක්ෂණ ක්‍රම මගින් ත්‍රීරෝද හා යතුරුපැදි පදවන්නන් ගේ ජීවන තත්ත්වය ගුණාත්මක අයුරින් ඉහළ නැංවීමට හැකිවීම පිළිබඳව ඉතා සතුටු වන බවයි. මේ අතර, දිවයින පුරා ඇති අමානා තකාෆුල් ශාඛා වලින් මෙම රක්ෂණාවරණයන් සඳහා අවශ්‍ය පහසුකම් ලබාගත හැකි බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

ස්මාර්ට් රයිඩර් කවර් රක්ෂණාවරණයෙන් හිමිවන ප්‍රතිලාභ කිහිපයක් :
1. රක්ෂණලාභියාගේ අභාවය සඳහා රු. 300,000ක්
2. පූර්ණ ආබාධිතවීමකදී රු. 300,000ක්
3. දරුණු රෝගාබාධ 38ක් සඳහා රු. 100,000ක්
4. රෝහල්ගතනීම් සඳහා දිනකට රු. 750 බැගින්
5. පවුලේ අවමංගල්‍යාධාර වියදම් රු. 25,000ක්

ටුක්ටුක්ෆුල් රක්ෂණාවරණයෙන් හිමිවන ප්‍රතිලාභ කිහිපයක් :
1.වාහන අනතුරු නිසා ආදායම් නොමැති දිනකට රු. 1000 බැගින් දින 04කට
2. රෝහල්ගතවීම නිසා ආදායම් නොමැති දිනකට රු. 750 බැගින් දින 10කට
3. දරුණු රෝගාබාධ 38ක් සඳහා රු. 100,000ක්
4. පවුලේ අවමංගල්‍යාධාර වියදම් රු. 25,000ක්
5. රක්ෂණලාභියාගේ අභාවය සඳහා රු. 300,000ක්
6. පූර්ණ ආබාධිතවීමකදී රු. 300,000ක්

 

Top