Jan 14, 2017

ලංකා කොමඩිටි හා සිලෝන් ටී තේ බ්‍රෝකර්ලාගේ ලයිසන් කෑන්සල් වෙයි ? Featured

ශ්‍රී ලංකාවේ ප්‍රධානම තේ තැරැව්කාර සමාගම් දෙකක් වන ලංකා කොමොඩිටි බ්‍රෝකර්ස් (Lanka Commodity Brokers) හා සිලෝන් ටී බ්‍රෝකර්ස් (Ceylon Tea Brokers) යන සමාගම්වලට එරෙහිව තේ මණ්ඩලයේ පරීක්ෂණයක් පැවැත්වෙන බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

ලංකා කොමොඩිටි බ්‍රෝකර්ස් (Lanka Commodity Brokers) සමාගම, අක්බාර් බ්‍රදර්ස් සමාගමට අයත් සමාගමකි.

අදාළ, සමාගම සිය වතුවලින් තොරව වෙළෙඳ පොළේ ඇති බාල තේ රැගෙන ඒවා අපනයනය කිරීම යන චෝදනාව යටතේ ඔවුන්ට එරෙහිව පරීක්ෂණ පැවැත්වෙන අතර සිලෝන් ටී බ්‍රෝකර්ස් (Ceylon Tea Brokers) සමාගමට එල්ලවී ඇත්තේද ඒ  හා සමාන චෝදනාවක් බව වාර්තා වේ.

සිලෝන් ටී බ්‍රෝකර්ස් (Ceylon Tea Brokers) සමාගම අජිත් ප්‍රනාන්දු මහතාට අයත් සමාගමකි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top