nsb

Jan 14, 2017

ලංකාවේ මිනින්දෝරුවන්ටත් අබසරණයි ? Featured

මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ කටයුතු “ම්‍රිම්බල්” නම් ඇමරිකානු සමාගමක් වෙත පැවරීමට කටයුතු සූදානම්කර ඇතැයි වාර්තා වේ.

එහි මැනුම් කටයුතු බදුදීමට යන්නෙ රුපියල් මිලියන 25,000කට බවද පැවසේ.

මිනින්දෝරු දෙපාර්තමේන්තුව එම කටයුතු රුපියල් මිලියන 2,360ක මුදලකට කළ හැකි බව පවසා තිබියදී මේ මැනුම් කටයුතු “ම්‍රිම්බල්” වෙත ලබාදීමට යන බවද එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

එම දෙපාර්තමෙන්තුවේ ලියාපදිංචි මින්දෝරුවන් 700කට ආසන්න පිරිසක් සිටින බවත්, ඊට අමතරව මෙරට ලියාපදිංචි මිනින්දෝරුවන් 1,300කට ආසන්න පිරිසක් ඇතැයි පැවසේ.

මිනින්දෝරුවන්ට අමතරව එම දෙපාර්තමේන්තුවේ සේවකයන් 2,500ක් පමණ ඇතැයිද වාර්තා වේ.

මෙය ආර්ථික කමිටුවේ අනුමැතිය සහිතව ක්‍රියාත්මක වන්නක් බවත්, ඊට කැබිනට් හෝ පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබී නැතැයිද පැවසේ.

මේ සම්බන්ධයෙන් විමසීමක් කිරීමට අපි මැනුම්පති පි.එම්.පි.උදයකාන්ත මහතා දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගැනීමට උත්සාහ කළද එය අසාර්ථක විය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top