Jan 17, 2017

රෝයල් සෙරමික්ස් නිෂ්පාදනය වැඩිකරන්න යයි

ශ්‍රී ලංකාවේ ටයිල් හා නානකාමර උපාංග නිෂ්පාදක සමාගමක් වන රෝයල් සෙරමික්ස් සිය නිෂ්පාදන ධාරිතාවය වැඩි කිරීමට සූදානම් වන බව වාර්තා වේ.

කොටස් වෙළඳපොල වෙත නිකුත් කෙරුණු නිවේදනයක දැක්වෙන්නේ ඇහැලියගොඩ කර්මාන්ත ශාලාව වැඩිදියුණු කිරීමේ කටයුතු සඳහා රෝයල් සෙරමික්ස් සමාගම රුපියල් මිලියන 978ක් පමණ ආයෝජනය කිරීමට සූදානම් වන අතර, මෙම ව්‍යාපෘතිය මේ වසරේ ජුනි මාසයේදී අවසන් වී මට නියමිතය.

මෙම ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමත් සමග වඩා විශාල ටයිල් නිෂ්පාදනය කිරීමටත් නිෂ්පාදන ධාරිතාවය වැඩි කිරීමටත් එම සමාගම බලාපොරොත්තු වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top