nsb

Jan 20, 2017

බ්ලූ මවුන්ටන් ඇකිලියොන් ව්‍යාපෘතියේ වැඩ අරඹයි (ඡායා)

කොළඹ පළමු තරු හතේ සුඛෝපභෝගී මහල් නිවාස ව්‍යාපෘතිය ලෙස සැලකෙන බ්ලූ මවුන්ටන් සමාගමේ ඇකිලියොන් ව්‍යාපෘතිය ඊයේ (19) දින උත්කර්ෂවත් ලෙස ආරම්භ කෙරුණි.

මෙම උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස මහා නගර සහ බටහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක සහභාගී විය.

රු. බිලියන 30ක ආයෝජනයකින් ඉදිවෙන මෙම දැවැන්ත ව්‍යාපෘතිය වසර 2020දී නිමවීමට නියමිතය.

ඊයේ පැවති උත්සවයේදී අදහස් දැක්වූ බ්ලූ මවුන්ටන් සමාගමේ සභාපති - වෛද්‍ය හිරාන් හෙට්ටිආරච්චි මහතා පවසා සිටියේ මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ වීමටත් පෙරාතුව ඉන් මහල් නිවාස 50%ක් පමණ අලෙවි වී අවසන් වීම මෙහි විශේෂත්වය බවයි.

මෙම ව්‍යාපෘතිය සඳහා බ්ලූ මවුන්ටන් සමාගම, සිංගප්පූරුවේ ‘පාර්මර් ඇන්ඩ් ටර්නර්’ හා අභ්‍යන්තර ගෘහ අලංකරණ සමාගමක් වන ‘ඉන්ඩෙක්ස්’සමග එක්වී තිබේ.

රු. බිලියන 2.34ක් වටිනා බම්බලපිටියේ පිහිටි ඉතා වටිනා භූමිභාගයක ඉදිවන මෙම ව්‍යාපෘතිය මගින් මහල් 50ක සුඛෝපභෝගී මහල් නිවාස 584ක් ඉදිවනු ඇත.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top