15976 BM WEB BANNER 01
Jan 20, 2017

‘ස්ත්‍රී’ අළුත් වෙයි!

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ප්‍රමුඛතම ඉතිරිකිරීමේ බැංකු ගිණුමක් වන ‘ස්ත්‍රී’ නව මුහුණුවරකින් එළිදක්වා තිබේ.

පසුගියදා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවති මෙම උත්සවයේදී දක්ෂ වෛද්‍ය ශිෂ්‍යාවක් වන සජානි වනිගසූරිය මෙහි නව සන්නාම තානාපතිනිය ලෙස නම් කෙරුණි.

මෙම අවස්ථාවට ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපති - අස්වින් ද සිල්වා මහතා, එහි අධ්‍යක්ෂකවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය.

මෙහිදී සමාජයේ ජනප්‍රිය හා ප්‍රමුඛ කාන්තා චරිත කිහිපයක්ම ‘ස්ත්‍රී’ ඉතිරිකිරීමේ බැංකු ගිණුම් ආරම්භ කළ අතර, පාරිභෝගිකයන් නවදෙනෙකු හට දිරිය ස්ත්‍රී ණයපහසුකම් ලබාදීමට කටයුතු යොදා තිබුණි.

ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් ශ්‍රී ලාංකේය කාන්තාවන් වෙනුවෙන් 2002 දී ලබාදුන් ‘ස්ත්‍රී’ ඉතිරිකිරීමේ බැංකු ගිණුම්, මේ වන විට ඕනෑම තැපැල් ස්ථාන හෝ උප තැපැල් ස්ථාන වලදී ආරම්භ කර හැකි වේ. වයස 16ට වැඩි කාන්තාවන් හට මෙම ගිණුම ඇරඹිය හැකි අතර, මේ සඳහා අවශ්‍ය අවම තැන්පතුව රු. 500කි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top