Jan 24, 2017

8 සමරන්න එයාර්ටෙල් පූජා සෙට් කරන්

ලොව තුන්වැනි විශාලතම දුරකථන සන්නිවේදන සමාගම වන භාර්ති එයාර්ටෙල් ශ්‍රී ලංකාව තුළ මෙහෙයුම් ආරම්භ කර 08 වසරක් ගත වී තිබේ.

මෙම සුවිශේෂී අවස්ථාව සැමරීමට එයාර්ටෙල් සමාගම විසින් පසුගියදා කොළඹදී විශේෂ උත්සවයක් කොළඹදී පැවැත්වූ අතර, මෙහිදී වසර 2017 සඳහා එයාර්ටෙල් සමාගමේ සන්නාම තානාපතිනිය ලෙස ජනප්‍රිය ඉන්දීය නිළි පූජා උමාශංකර් පත් කෙරණි.

මෙහිදී අදහස් දක්වමින් එයාර්ටෙල් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/කළමනාකාර අධ්‍යක්ෂ ජිනේෂ් හෙග්ඬේ මහතා පැවසුවේ එයාර්ටෙල් අද වනවිට මෙතරම් දියුණුවක් අත්පත් කරගැනීමට සමත් වී ඇත්තේ සිය ග්‍රාහකයන් නිසා බවයි. “40% ක් වැඩිපුර වේගවත් අන්තර්ජාල සේවාවක් ලබාදීමේ පොරොන්දුව ඉෂ්ට කිරීම සඳහා අපි පසුගිය වසර 2 ක කාලය තුළ අපගේ 3G ආවරණය 40% කින් පුළුල් කිරීමට කටයුතු කළා. ඉදිරියේදීත් නවතම තාක්ෂණයන් හඳුන්වා දෙමින් පාරිභෝගිකයන්ට දිගින් දිගටම විශිෂ්ටතම සේවාවක් සැලසීම අපගේ ඉලක්කයයි. ඒ වගේම රටේ තරුණ පරපුර අතර ජනප්‍රියතයම ජංගම දුරකථන සේවා ජාලය ලෙස අප ලබා ඇති ජනප්‍රියත්වය තවදුරටත් වර්ධනය කර ගැනීමට පූජා උමාශංකර් මහත්මියගෙන් විශාල දායකත්වයක් ලැබේවි කියා මා සිතනවා.” ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

රටවල් 18 කට අධික සංඛ්‍යාවක විසිරී පවතින, භාර්ති එයාර්ටෙල් සමාගමට 2009 වසරේ පටන් රු. බිලියන 64 කට අධික ආයෝජනයන් සමගින් දිවයින තුළ ශක්තිමත් දුරකථන සේවා ජාලයක් ස්ථාපිත කිරීමට හැකියාව ලැබිණි. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් මෑතකදී ප්‍රකාශයට පත්කරන ලද අන්තර්ජාල වේගය පිළිබඳ අධ්‍යයන වාර්තාවන්ට අනුව එයාර්ටෙල් ජාලය මෙරට වේගවත්ම 3D ජාලය ලෙස හඳුනාගෙන ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top