Jan 26, 2017

Huawei MediaPad T2 7.0 මෙරටට

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් සන්නාම නාමයක් වන Huawei  නව Huawei MediaPad T2 7.0 උපාංගය මෙරටට හඳුන්වා දී තිබේ.

ෆැබ්ලට් උපාංගයක් වන මෙමගින් ස්මාර්ට්ෆෝන් උපාංගයකින් හා ටැබ්ලට් උපාංගයකින් සිදුකරන වැඩරාජකාරි සියල්ලම සිදුකළ හැකි වන අතර, 4G LTE අන්තර්ජාල පහසුකම් වලට ක්ෂණිකයෙන් සම්බන්ධ වෙමින් මෙම සියළු කටයුතු යුහුසුළුව කරගත හැකි වේ.

Huawei MediaPad T2 7.0 උපාංගයේ අඟල් 7ක තිරය හේතුවෙන් වීඩියෝ නැරඹීමට, ඡායාරූප බෙදාගැනීමට හෝ සමාජ ජාල වෙබ් වල කටයුතු කිරීමට ඉතා පහසු වනු ඇත.

රු. 18,900කට අලෙවි වන මෙම උපාංගය, දිවයින පුරා ඇති සිංගර් ශ්‍රී ලංකා හා හුවාවේ මධ්‍යස්ථාන වලින් ලබාගත හැකි වේ.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top