Jan 30, 2017

RN කන්ස්ට්‍රක්ෂන්ස් 20 වසර ත් සමරයි!

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉදිකිරීම් සමාගමක් වන RN කන්ස්ට්‍රක්ෂන්ස් පෞද්ගලික සමාගම සිය සේවාදායකයින්, සේවක සේවිකාවන් සහ උපදේශකවරුන් සමඟ අභිමානවත් 20 වන සංවත්සරය සමරයි.

මේ සඳහා වූ විශේෂ මාධ්‍ය හමුවක් පසුගියදා කොළඹ දී පැවැත්විණි.

සුවිශේෂී වූ සමාගම් 6 කින් සමන්විත RN සමාගම් සමූහය ඉහළ තාක්ෂණයෙන් යුත් උසස් තත්වයේ ඉදිකිරීම් විසඳුම් සපයන මෙරට ප්‍රධාන පෙලේ ඉදිකිරීම් සමාගමකි. RN සමාගම් සමූහයේ මවු සමාගම වන RN කන්ස්ට්‍රක්ෂන්ස් සමාගම වර්ෂ 1996 දී සහෝදරයින් දෙදෙනෙකු ගේ මග පෙන්වීම යටතේ සේවකයින් තිදෙනෙකුගෙන් ආරම්භ වූ සමාගමකි. RN සමාගම් සමූහයේ සභාපති ධුරය දරන රුවන් එදිරිසිංහ මහතා සිවිල් ඉංජිනේරුවරයෙකි. ඔහු සිය සහෝදරයා වන නිශාන්ත එදිරිසිංහ හා එක්ව RN කන්ස්ට්‍රක්ෂන්ස් පුද්ගලික සමාගම පිහිටුවා ගෙන තිබේ.

මෙරට ප්‍රධාන පෙළේ කර්මාන්තශාලා, ගබඩාකරන ගොඩනැගිලි, වෙළඳ ගොඩනැගිලි, නිවාස ව්‍යාපෘති,හෝටල්, රෝහල්, මහාමාර්ග,පාලම් සහ විදුලි සංදේශ කුළුණ යන ක්ෂේත්‍ර ගණනාවක් පුරා මෙම සමාගම විසින් ඉදිකිරීම් කටයුතු මෙහෙයවයි. මෙම ඉදිකිරීම් වලදී මනා නිපුණතාවයක් පෙන්නුම් කරන RN සමාගම් සමූහය ගොඩනැගිලි නිර්මාණ කටයුතු, ඉදිකිරීම් උපකරණ සහ ඒ සඳහා වන සියලු අමු ද්‍රව්‍ය සැපයීම ආදී සියලු කටයුතු සිය සමාගම් සමූහය තුළින්ම සම්පාදනය කර ගැනීම සුවිශේෂි තත්වයකි.

වසර 2005 දී ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සුවිශේෂි පියවරක් තබමින් M1 කාණ්ඩයට ඇතුළත් වූ RN සමාගම් සමූහය ශ්‍රී ලංකා ඉදිකිරීම් පුහුණ හා සංවර්ධන ආයතනය (ICTAD) විසින් C1 කාණ්ඩයේ සමාගමක් ලෙස ද වර්ග කර තිබේ. ISO:9001:2008, ISO 14001:2004, OHSAS 18001:2007 සහ Det Norske Veritas ආදී තත්ව පාලන සම්මානයන්ගෙන් ද මෙම සමාගම් සමූහය පිදුම් ලබා තිබේ.

වසර 2006 දී මෙහි මුල් පියවර තබමින් RN Ready-mix පුද්ගලික සමාගම පිහිටුවනු ලැබූ අතර එමඟින් උසස් ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව පෙරසවි කොන්ක්‍රීට් නිපදවීම ඇරඹීය. වසර 2007 දී සිය දෙවන අනුබද්ධ සමාගම වන Amalgamated Building System Lanka (Pvt) Limited ඇරඹූ අතර එමඟින් යකඩ යොදාගනිමින් කාර්මික සහ වෙළඳ ගොඩනැගිලි ඉදිකිරීම ඇරඹීය. දැනට කොළඹ නගරයේ ඉදිවූ උසම පෙර නිමි යකඩ ගොඩනැගිල්ල ඉදිකරනු ලැබූයේ ABSL විසින් වන අතර මීට අමතරව මෙරට ප්‍රමුඛතම යකඩ ඉදිකිරීම් රැසක සන්නාමය බවට පත් වීමටද මෙම සමාගමට හැකියාව ලැබී තිබේ. RN සමාගම් සමූහයේ තුන්වන අනුබද්ධ සමාගම RN Cement Product (Pvt) Limited වන අතර එය වසර 2008 දී පිහිටවනු ලැබීය.

මෙම සමාගම යටතේ බ්ලොක් ගල් සහ ඉන්ටර්ලොක් ගල්, ආදිය නිෂ්පාදනය කරයි. ABSL Roofing Products (Pvt) Limited සිය සමූහයේ මීළඟ සමාගම ද එම වසර තුළදීම පිහිටවූ RN සමාගම් සමූහය එම සමාගම යටතේ ගොඩනැගිලි වල වහල සහ බිත්ති සඳහා අවශ්‍ය තහඩු ද්‍රව්‍ය නිපදවීම අරඹා තිබේ. මේ යටතේ පුළුල් පරාසයක් දක්වා වන වහල සහ බිත්ති සඳහා අවශ්‍ය වන ද්‍රව්‍ය මේ වනවිට නිෂ්පාදනය කෙරෙයි.

මෙම සමාගම් සමූහයට එක්වූ අළුත්ම සමාගම වන RN Innovative Products (Pvt) Limited ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය සහිතව හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ පිහිටා ඇති අතර එහිදී නූතන ඉදි කිරීම් ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය රැසක් නිපදවීම සිදුකරයි. මෙම නිෂ්පාදන විදේශිය වෙළඳ පළ සහ දකුණු ආසියානු කලාපය ඉලක්ක කරගෙන සිදුකරනු ලබයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top