15976 BM WEB BANNER 01
Feb 01, 2017

2017 පාවහන් හා සම්භාණ්ඩ ප්‍රදර්ශනය 03දා

වසර 2017 පාවහන් හා සම්භාණ්ඩ ප්‍රදර්ශනය පෙබරවාරි 03 සිට 05 දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශණ මධ්‍යස්ථානයේ දී පැවැත්වීමට නියමිතය.

වාණිජ කටයුතු අමාත්‍යංශය, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යංශය, කාර්මික සංවර්ධන මණ්ඩලය හා ලංකා පාවහන් සහ සම්භාණ්‌ඩ නිෂ්පාදකයන්ගේ සංගමයේ විසින් සංවිධානය කර ඇති මෙම ප්‍රදර්ශණය මෙවර පැවැත්වෙන්නේ නවවැනි වරටයි.

ශ්‍රී ලාංකේය පාවහන් සහ සම්භාණ්ඩ කර්මාන්තය ජාතික හා අන්තර්ජාතික වශයෙන් ප්‍රචලිත කිරීම, අපනයන හැකියාවක් ඇති නිර්මාණශීලි හා දක්ෂ නිපැයුම්කරුවන් හඳුනාගැනීම සහ ඔවුන් අපනයනය කරා යොමු කිරීමේ අරමුණින් මෙම ප්‍රදර්ශනය පැවැත්වේ.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top