Feb 07, 2017

විදේශ කටයුතු අමාත්‍යංශයට ICTA යෙන් හයිය

ඩිජිටල්කරණය අතින් වඩාත් ශක්තිමත් දේශයක් ගොඩනැගීම කරා ශ්‍රී ලංකා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් තවත් පියවරක් තබා තිබේ.

ඒ, විදේශ කටයුතු අමාත්‍යංශයට නව ඉලෙක්ට්‍රොනික සහතික කිරීමේ ක්‍රමවේදයක් වන Document Attesting System (eDAS) ක්‍රමවේදය හඳුන්වා දෙමිනි.

මේ අනුව, විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් අංශය වෙත පිවිසෙන ජනතාව හට එක් කවුන්ටරයකින් විනාඩි 5 - 15ක් අතර කාලයක් තුළදී සිය සහතිකපත් සඳහා අමාත්‍යංශයෙන් සහතිකය ලබාගැනීමට මෙමගින් හැකිවේ.

මෙම ක්‍රමවේදය යටතේ ලිපිලේඛන වන සුරක්ෂිතභාවය, යහපාලනය හා විනිවිදභාවය වඩාත් තහවුරු කෙරෙනු ඇත.

ඊයේ (06) පැවති මෙම අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍ය - මංගල සමරවීර, නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය - ආචාර්ය හර්ෂ ද සිල්වා, විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් - ඇසල වීරකෝන්, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් - වසන්ත දේශප්‍රිය, ICTA ආයතනයේ සභාපතිනි - චිත්‍රාංගනී මුබාරක් හා ICTA ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී - මුහුන්දන්  කනගේ යන මහත්ම මහත්මීන් සහභාගී විය.

මේ අතර, විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් අංශය ඊයේ (06) දින සිට නො. 69, ජනාධිපති මාවත, කොළඹ 01 හි සෙලින්කෝ ගොඩනැගිල්ලේ දෙවැනි මහලට ගෙන ගොස් ඇති අතර, නව කාර්යාලයද ඊයේ දින විවෘත විය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top