Feb 07, 2017

තාක්ෂණික යෝධයොත් ට්‍රම්ප් ට එරෙහි වෙයි

ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මුස්ලිම් බහුතරයක් ඇති රටවල් හතක් මත පනවා ඇති සංක්‍රමිණක තහනමට එරෙහිව ඇමෙරිකාවේ තාක්ෂණික සමාගම් 100කට වැඩි ප්‍රමාණයක් හඬ නගා ඇතැයි වාර්තා වේ.

මෙමගින් ඉතා දක්ෂ සංක්‍රමණිකයන් සිය ආයතන වලට ගැනීමට නොහැකි වීමෙන්  තාක්ෂණික ක්‍ෂේත්‍රයට හා ඇමෙරිකාවේ ආර්ථික වර්ධනයට අහිතකර ලෙස බලපානු ඇතිබව ඔවුන් පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් ඔවුන් නීත්‍යානුකූල ලියවිල්ලක් ගොනු කර ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙම ලියවිල්ලට අත්සන් තැබූ සමාගම් අතර තාක්ෂණික ලොව දැවැන්තයන් වන ඇපල්, ෆේස්බුක්, ගූගල් හා මයික්‍රොසොෆ්ට් ද ඌබර්, රෙඩිට්, නෙට්ෆ්ලික්ස් හා ඩ්‍රොප්බොක්ස් ද වැනි කුඩා සමාගම් ද වේ.

කෙසේ වෙතත්, ට්‍රම්ප් ට මීට කලින් සහයෝගය පළ කළ ඇමේසන් සමාගමත් ට්‍රම්ප් ගේ උපදේශක මණ්ඩල සාමාජික  - එලොන් මස්ක් ට අයත් ටෙස්ලා හා ස්පේස්එක්ස් යන සමාගම් මෙම ලියවිල්ලට අත්සන් තබා නැත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top