nsb

Feb 10, 2017

මහින්ද්‍රා, ලංකාවේ නව ව්‍යාපාර ක්ෂේත්‍ර 3කට අතගසයි

ඉන්දියාවේ ඩොලර් බිලියන 17.8 ක වත්කම්වලට හිමිකම් කියනු ලබන මහින්ද්‍රා සමූහයේ අනුබද්ධිත සමාගමක් වන මහින්ද්‍රා ඇන්ඞ් මහින්ද්‍රා ලිමිටඩ්, ශ්‍රී ලංකාව තුළ නව ව්‍යාපාර අංශ තුනක් සඳහා ඇතුළත් වේ.
 
මේ පිළිබඳව ඊයේ (09) කොළඹ පැවති උත්සවයකදී ප්‍රකාශයට පත්විය.
 
ඔවුන් මෙලෙස පිවිසෙන්නේ ට්‍ර‍ක් හා බස් රථ, ඉදිකිරීම් උපකරණ සහ බලශක්ති ව්‍යාපාරය යන අංශ ත්‍රිත්වයටයි.
 
මහින්ද්‍රාද සමාගම විසින් සිය දිගුකාලීන ශ්‍රී ශලාංකීය ව්‍යාපාර සහකරු වන අයිඩියල් මෝටර්ස් ලිමිටඞ් සමග එක්ව මෙම නවතම තෙවදෑරුම් ව්‍යාපාර මෙරට තුළ ආරම්භ කරනු ඇත.
 
මේ අනුව මෙම අංශ ත්‍රිත්වය යටතේ මෙරටට හඳුන්වා දෙන වාහන මෙසේය.
 
ට්‍ර‍ක් හා බස් රථ : Blazo 49, Traco 40, Torro 25 Tipper, Loadking Optimo හා Cosmos මාදිලියේ බස්රථ 
 
ඉදිකිරීම් උපකරණ : අධිකාර්යක්ෂම මහින්ද්‍රා Mahindra Earthmaster SX 4WD
 
බලශක්ති ව්‍යාපාරය : 7.5 kVA – 200 kVA ඞීසල් ජෙනරේටර්ස් මාදිලි
 
 
මෙම නව ව්‍යාපාර ප්‍රවේශය පිළිබඳ අදහස් දක්වමින් Mahindra & Mahindra Ltd  හි උප සභාපති, ජාත්‍යන්තර මෙහෙයුම් ප්‍රධානී (දකුණු ආසියාව) - සන්ජේ ජාධව් මහතා මෙසේ කියා සිටියේය. 
 
‍”ශ්‍රී ලංකා වෙළෙඳපොළ වෙත මහින්ද්‍රා නාමයෙන් එන ට්‍රක් හා බස් රථ, ඉදිකිරීම් උපකරණ සහ ඞීසල් ජෙනරේටර් මාදිලි හඳුන්වාදීම පිළිබඳ අප ඉතා සතුටට පත්වෙනවා. දකුණු ආසියානු කලාපය තුළ මෙලෙසින් ස්ථාන ගත වීම මූලෝපායික වශයෙන් සමාගම වෙත ඉතා වැදගත් කරුණක් බව අවධාරණය කළ යුතුයි. රළු උපයෝජ්‍යතාවය හා මාදිලිය යන අනන්‍ය වූ සංයෝජනය සමගින් මහින්ද්‍රා වාහන ශ්‍රී ලංකාව තුළ සුවිශේෂී වෙළෙඳපොළ කණ්ඩයක් වෙත ආමන්ත්‍රණය කරනු බව නොඅනුමානයි. ඒ වගේම අපගේ ලාංකීය හවුල්කරුවා වන අයිඩියල් මෝටර්ස් මෙරට තුළ මනා කොට ස්ථාපිත වූ සමාගමක් බව සඳහන් කළ හැකියි. ඔවුන් සතු දැනුම සහ වෘත්තීයමය නිපුණතාවය දේශීය වෙළෙඳපොළ තුළ සාර්ථකත්වය මැනවින් ප්‍රකාශ කරනු ලබනවා. අපගේ ගමන් මගේ තවදුරටත් ඉදිරියට යමින් අපගේ නවතම නිෂ්පාදිත පෙළ ශ්‍රී ලංකාව තුළ සංධිස්ථානයක් වනු ඇති බව අපට විශ්වාසයි. එසේම තවදුරටත් මහින්ද්‍රා නාමය වෙළෙඳපොළ තුළ රැව්පිළිරැව් දෙන්නට සමත් වනු බව නොඅනුමානයි”.
 
මෙම අවස්ථාවට එක්වෙමින් අයිඩියල් මෝටර්ස් හි සභාපති නලින් වෙල්ගම මහතා මෙසේ සිය අදහස් දැක්වීය. “මහින්ද්‍රා සමඟ එක්වෙමින් පසුගිය වසර 8 පුරාවට අප ලැබූ සාර්ථකත්වය පිළිබඳ අප ඉතා සතුටට පත්වෙනවා. අපගේ අරමුණ වන්නේ තරගකාරී මිල ගණන්වලට ලොව විශිෂ්ටතම නිෂ්පාදිත අපගේ ගනුදෙනුකරුවන් වෙත පිරිනැමීමයි. ඔවුන්ගේ දැඩි හා රළු DNA සමගින් එන මහින්ද්‍රා වාහන සහ උපකරණ ඔවුන් නියෝජනය කරනු ලබන එක් එක් කාණ්ඩයන්වල ශක්තිමත් අගයයක් එක්කරනු ඇති බවට අපට විශ්වාසයි. එසේම අයිඩියල් මෝටර්ස් වන අපට මෙය අපගේ නිෂ්පාදිත පෙළ විවිධාංගීකරණය කිරීමට ලද කදිම අවස්ථාවක් වෙනවා. ඒ හරහා මහින්ද්‍රා සමූහය හට මෙරට තුල සිය ව්‍යාපාර මැනවින් ව්‍යාප්ත කිරීමට අවස්ථාව උදා වී තිබෙනවා.”

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top