nsb

Feb 20, 2017

අපි ඔෆිස් එකේදි දේශපාලනය කරන්නෑ - හැරී

බදු මුදල් ලෙස රජයට රුපියල් බිලියන 500ක් ගෙවූවත් ලාභ ද ලැබීමට ලංකා ඩිස්ටිලරීස් සමාගම (DCSL) සමත් වී ඇතැයි එහි සභාපති හැරී ජයවර්ධන මහතා පවසයි.

ඔහු මේ බව පවසා තිබුණේ පසුගියදා පැවැත්වුණු ලංකා ඩිස්ටිලරීස් සමාගමේ 25 වැනි වර්ෂ පූර්ණ සැමරුමේදීය.

ජයවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ මේ වන විට මෙරට එම ක්ෂේත්‍රයේ තවත් තරගකාරී සමාගම් 25ක් සිටින බවත් ලාභ නොලැබෙන්නේ යැයි ඔවුන් පවසන බවත්ය.

ලංකාවේ සම්පූර්ණ මත්පැන් ඉල්ලුම සපයා ඇත්නේ ලංකා ඩිස්ටිලරීස් සමාගම නොවන බැවින් මෙය පුදුමට කරුණක් බවද ඔහු සඳහන් කළේය.

මේ වන විට ලංකා ඩිස්ටිලරීස් සමාගම ලාභ ලබන සමාගමක් බවට පත්ව ඇත්තේ මනා කළමනාකරණයක් හා හික්මීම නිසා බවත් ය ඔහු කියා සිටියේය.

සමාගම තුළ එක් සේවක සංගමයක් නොමැති බව පැවසූ ජයවර්ධන මහතා පවසා සිටියේ සේවකයන් සිය රැකියාව මනා ලෙස ඉටු කරන අතර කළමනාකාරිත්වය විසින් ඔවුන්ට වැටුප් ගෙවා ඔවුන් රැකබලාගන්නා බැවින් සේවක සංගම වල අවශ්‍යතාවයක් නැති බවයි.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ දේශපාලඥයන් හා ආණ්ඩු විසින් ඔවුන් ගේ කාර්යය සිදුකරන අතර,සේවකයන් විසින් ද ඔවුන් ගේ කාර්යය සිදුකළ යුතු බවයි. මෙය, සිය සමාගමේ සාර්ථකත්වයේ රහස බව සඳහන් කරමින් DCSL සභාපතිවරයා අවසන් වශයෙන් සඳහන් කර ඇත්තේ මෙසේය :

“අපි කාර්යාලයේදී දේශපාලනය කරන්නෑ. ඒවගේම තමයි දේශපාලඥයොත් අපේ වැඩ වලට ඇඟිලි ගහනවාටත් කැමති නෑ.”

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top