Feb 21, 2017

මහජන බැංකුවේ ස්වයං බැංකුකරණය යාපනයටත්

මහජන බැංකුවේ නවතම ස්වයං බැංකුකරණ ඒකකය මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි එන්. වසන්ත කුමාර් මහතා අතින් පසුගියදා මහජන බැංකුව යාපනය ස්ටැන්ලි මාවත ශාඛාවේදී විවෘත කෙරිණි.

මහජන බැංකුව සිය ඩිජිටල් බැංකුකරණ වැඩපිළිවෙලේ සුවිශේෂි සන්ධිස්ථානයක් සනිටුවහන් කරමින් යාපනය නගරයට හඳුන්වා දුන් ස්වයං බැංකුකරණ ඒකකය, ස්වයංක්‍රී‍ය ටෙලර් යන්ත්‍රයකින්ල මුදල් තැන්පතු යන්ත්‍රයකින් සහ බිල්පත් ගෙවීමේ යන්ත්‍රයකින් සමන්විතය. මේ තුළින් සතියේ දින 7 පුරා, දිනපතා පැය 24ම මුළු වසර පුරාම වඩාත් පහසු, සහ කාර්යක්ෂම බැංකු අත්දැකීම් ලබාගැනීමේ අවස්ථාව හිමිවේ.

මෙම ස්වයං බැංකුකරණ ඒකකයේ ස්වයංක්‍රී‍ය ටෙලර් යන්ත්‍රයෙන් මගින් මුදල් ආපසු ගැනීම, (කාඩ්පත් සහිත/රහිත) ගිණුම් ශේෂය විමසිම, රහස්‍ය අංකය වෙනස් කිරිම, යන සේවාවන් ලබාගත හැක. මුදල් තැන්පතු යන්ත්‍රයෙන්මුදල් තැන්පත් කිරිම(කාඩ්පත් සහිත/ රහිත), මුදල් මගින් බිල්පත් ගෙවීම  (කාඩ් රහිත) සහ ගිණුම් ශේෂයන් පිරික්සිම සිදුකර ගත හැක. එමෙන්ම කියොස්ක් යන්ත්‍රයෙන් මහජන බැංකුවේ වීසා කාඩ්පත් හිමියන්ට බිල්පත් ගෙවීමේ පහසුකම සලසා ඇත, ඒ අනුව ඩයලොග් දුරකථන හා ටීවි බිල්පත්, මොබිටෙල් බිල්පත්, ටෙලිකොම් බිල්පත්, ලංකා ඛෙල් බිල්පත්, විදුලි බිල්පත්හා ජල බිල්පත් ගෙවීය හැක. මීට අමතරව ගිණුම් ශේෂය පිරික්සිමේ සහ කාඩ්පතේ රහස්‍ය අංකය වෙනස් කිරීමේ හැකියාව ද සලසා ඇත.

මෙම ස්වයං බැංකුකරණ ඒකකය විවෘත කිරිමේ අවස්ථාවට මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ව්‍යවසායකත්ව බැංකු කටයුතු) කේ.බී.රාජපක්ෂ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ශාඛා කළමනාකරණ) බොනිෆස් සිල්වා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (බැංකු සහය සේවා) මහින්ද ප්‍රේමනාත්, (නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පුද්ගල කේන්ද්‍රිය බැංකු කටයුතු) ලයනල් ගලගෙදර, යාපනය ප්‍රාදේශිය කළමනාකාර කේ. සුසේන්ද්‍රන් යන මහත්වරුන් ඇතුළු  මහජන බැංකු කාර්ය මණ්ඩලය  සහ ගනුදෙනුකරුවන් විශාල පිරිසක් සහභාගි වූහ.

plc

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top