Oct 31, 2016

Regus 7 වැනි ව්‍යාපාරික මධ්‍යස්ථානයත් විවෘත කරයි

ජාත්‍යන්තර සේවා ස්ථාන සැපයුම්කරු වන Regus සිය නවතම ව්‍යාපාරික මධ්‍යස්ථානය පසුගියදා විවෘත කිරීමට කටයුතු කර තිබේ.

මෙම කෝට්ටේ නාවල, නාවල පාරේ, 9 වන පටුමගේ, අංක 192/10 දරණ ස්ථානයේ පිහිටි එස් පී ගොඩනැගිල්ලේ පිහිටුවයි.

මෙය සීඝ්‍රයෙන් වෙළඳ නගරයක් බවට පත්වෙමින් ඇති කෝට්ටේ ප්‍රදේශය ආශ්‍රිතව පිහිටවූ Regus හි දෙවන ව්‍යාපාරික මධ්‍යස්ථානයයි.

Regus හි ආසියානු පැසිෆික් කලාපයේ ප්‍රධාන විධායක නිලධාරි ජෝන් රයිට් මහතා සහ Regus ශ්‍රී ලංකා ප්‍රධානි ආචාර්ය නිර්මාල් ද සිල්වා මහතාගේ ගේ ප්‍රධානත්වයෙන් මෙම වෙළඳ මධ්‍යස්ථානය විවෘත කෙරිණ. වඩාත් කාර්යක්ෂම ලෙස සේවා ස්ථානයක් පවත්වාගෙන යාම සඳහා වන සියලූ පහසුකම් සහිත මෙම නව ව්‍යාපාරික මධ්‍යස්ථානය පහසුවෙන් පිවිසිය හැකි ස්ථානයක පිහිටා තිබේ.

සේවා ස්ථාන සැපයීමේ ජාත්‍යන්තර ප්‍රරමුඛයින් වන Regus ශ්‍රී ලාංකේය වෙළඳපලේ අරමුණු සහ අභිප්‍රායන් මැනවින් වටහා ගනිමින් කටයුතු කරයි.

මෙම නව ව්‍යාපාරික මධ්‍යස්ථානය නවීන අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් ශාලාවකින් ද සමන්විත වන අතර ප්‍රජා රැස්වීම් සඳහා වන පහසුකම් වලින් ද යුක්ත වෙයි. මීට අමතරව පුද්ගලික කාර්යාල, වෙන් කළ සේවක අවකාශ, ආදියෙන්ද මෙම මධ්‍යස්ථානය සමන්විත වන අතර ව්‍යවසායකයින්ට සහ වෘත්තීයවේදීන්ට සිය කාර්යාල පරිශ්‍රයන් විධිමත්ව අවම වියදමක් යටතේ පවත්වාගෙන යාමේ සියලූ පහසුකම් මෙම ඍැටමි ව්‍යාපාරික මධ්‍යස්ථානය සතු වෙයි.

ඕනෑම තරාතිරමක ඕනෑම සමාගමකට සිය සේවා කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය සියලූ පහසුකම් වලින් මෙම ව්‍යාපාරික මධ්‍යස්ථානය සමන්විත වෙයි. මෙම මධ්‍යස්ථානය අභ්‍යන්තර කාර්යාල 11කින් සැදුම් ලත් බාහිර පුද්ගලික කාර්යාල 28 ක් සහිත වෙයි. මෙම මධ්‍යස්ථානයේ එක් මහලක් සම්පූර්ණයෙන්ම පුද්ගලයින් 150ක ප්‍රමාණයක් සඳහා වන පුහුණු වැඩසටහන් පැවැත්වීම සඳහා පහසුකම් මෙන්ම , අති නවීන රැස්වීම් පහසුකම්, ශ්‍රවණාගාර ආදියෙන් සමන්විත වෙයි.

විවෘත ඉහළ මාලය උත්සව සහ සාද ආදිය පැවැත්වීම සඳහා භාවිත කළ හැකි අතර පුද්ගලයින් 200 දෙනෙකු සඳහා පමණ එහි රැඳවිය හැකිය.

Regus හි ව්‍යාප්ති සැලසුම් පිළිබඳව අදහස් දැක්වූ එහි ආසියානු කලාපයේ ප්‍රධාන විධායක නිලධාරි ජෝන් රයිට් මහතා පෙන්වා දුන්නේ ජාත්‍යන්තර සමාගමක් වශයෙන් වෘත්තියවේදීන් ට සහ ව්‍යවසායකයින්ට පමණක් නොව බහු ජාතික සමාගම් වලට වුව වඩාත් නම්‍යශීලී කොන්දේසි යටතේ සුපිරි කාර්යාල සහ සේවා ස්ථාන සඳහා පහසුකම් සැපයීමට Regus කටයුතු කරන බවයි. සිය සේවා පහසුකම් ශ්‍රී ලංකාවේ දියත් කීරීමෙන් පසු මේ වනවිට තම ප්‍රාදේශීය සහ ජාත්‍යන්තර ජාලය තුළ ශ්‍රී ලංකාව ප්‍රමුඛ ස්ථානයක සිටින බව ද හෙතෙම කීය.

ඍැටමි හි නව ව්‍යාපාරික මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වූ ආචාර්ය නිර්මාල් ද සිල්වා මහතා සඳහන් කළේ සේවා ස්ථානයේ පරිසරය සහ ස්වභාවය පිළිබඳව ශ්‍රී ලංකාවේදී Regus නිරන්තර අවධානය යොමු කරන බවයි.

ප්‍රමුඛතම සේවා ස්ථාන සැපයුම්කරු වශයෙන් නවතම ව්‍යාපාරික මධ්‍යස්ථානය කෝට්ටේ පිහිටුවා ඇති බවත් හෙතෙම සඳහන් කළේය. විශේෂයෙන්ම ඵලදායිතාව සහ නම්‍යශීලී සේවා ස්ථාන පහසුකම් අපේක්ෂා කරන වෘත්තියවේදීන් සහ ආයතන ඍැටමි වෙතින් කාර්යාල විසඳුම් සපුරාගන්නා බවත්, ඔවුන්ගේ අපේක්ෂාවන් යථාර්තයක් බවට පත්කරමින් වඩා ඵලදායිතාවයෙන් යුතු නම්‍යශීලී පහසුකම් සැපයීමට Regus කටයුතු කර ඇති බවත් ආචාර්ය නිර්මාල් ද සිල්වා මහතා සදහන් කළේය. තම පාරිභෝගිකයින් සහ පාරිභෝගික ආයතන වඩා සාර්ථකත්වයට පත්කීරීම Regus හි දර්ශනය බවද හෙතෙම වැඩිදුරටත් කීය. මේ නිසා ශ්‍රී ලංකාව තුළ Regus හි සේවා ව්‍යාප්තිය තුළින් පාරිභෝගිකයින්ට විශිෂ්ට සේවාවක් සැපයීමට හැකියාව ලැබී ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය.

ප්‍රමාණවත් වාහන නැවැත්වීමේ පහසුකම් මෙම මධ්‍යස්ථානය සතු වන නිසා මෝටර් රථ හිමියන්ට වාහන නැවැත්වීම සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් ඇති නොවේ.එමෙන්ම ප්‍රමුඛ අවන්හල් සහ කෝපි හල් කිහිපයක්ම මෙම ස්ථානය ආසන්නයේ පිහිටා තිබීම තවත් පහසුවකි.

Regus ශ්‍රී ලංකා මේ වනවිට කොළඹ කොටුව - ලෝක වෙළඳ මධ්‍යස්ථානය, කොළඹ 07 - ධර්මපාල මාවත - ඨඡුෘ ගොඩනැගිල්ල, කොළඹ 4- බෞද්ධාලෝක මාවත - මැක්ලර්න්ස් ගොඩනැගිල්ල, නාවල - නාවල පාරේ ලෝටස් ගොඩනැගිල්ල, දෙහිවල දුටුගැමුණු වීදියේ බර්නාඩ්ස් බිස්නස් පාර්ක් සහ කොළඹ 2 පාක්ලන්ඞ් ගොඩනැගිල්ල යන ස්ථානවල ව්‍යාපාරික මධ්‍යස්ථාන පවත්වාගෙන යයි.

Regus1 600px 16 10 31

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top