nsb

Mar 03, 2017

බිට්කොයින් අගය, රන් මිලත් පරදවයි

ඩිජිටල් ව්‍යවහාර මුදල් වර්ගයක් වන බිට්කොයින් (Bitcoin) වල අගය ඉතිහාසයේ පළමු වරට රන්මිලටත් වැඩිය වැඩි වී ඇතැයි වාර්තා වේ.

ඊයේ (02) දිනය වන විට බිට්කොයින් අගය ඇමෙරිකානු ඩොලර් 1,268ක් වූ අතර, රන් අවුන්සයක මිල ඇමෙරිකානු ඩොලර් 1,233 ක් ලෙස සටහන් විය.

වසර 2009 දී ලොවට හඳුන්වාදුන් බිට්කොයින් වල වටිනාකම ඉතා ඉක්මනින් වෙනස් වන සුළු වූ අතර, මෙහි පැවැත්ම පිළිබඳව ආර්ථික විශේෂඥයන් විවිධ අවස්ථා වල ප්‍රශ්ණ කර ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top