Mar 06, 2017

ශ්‍රී ලංකන් ගණුදෙනුවේ හොර අල්ලනකන් PIA තවත් හිරකරයි!

ශ්‍රී ලංකන් ගුවන්සේවය සමග ඇති කරගත් ගිවිසුම සම්බන්ධයෙන් පැනනැගී ඇති දූෂණ චෝදනා පිළිබඳව සම්පූර්ණ පරීක්ෂණයක් සිදුකරන තෙක් පකිස්තානු ගුවන් සේවය (PIA) හා ටර්කිෂ් ගුවන්සමාගම අතර ඇතිකරගත් ගණුදෙනුව අත්හිටුවන ලෙස ලාහෝර් නුවර පිහිටි ෆෙඩරල් පරීක්ෂණ ඒජන්සිය නියෝග කර ඇතැයි වාර්තා වේ.

‘වෙට් ලීස්’ බදු ක්‍රමය යටතේ ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් එයාර්බස් A330 යානා 3ක් ලබාගැනීමට PIA සමග පසුගිය අගෝස්තුවේදී ඇති කරගත් ගිවිසුම පසුගිය මාසයේදී හදිසියේම අවසන් කෙරුණි.

මෙම ගණුදෙනුව අවසන් වූ පසුව එවැනි ගණුදෙනුවකට යාමට ටර්කිෂ් ගුවන් සමාගම තෝරාගෙන තිබුණි.

සබැඳි පුවත් :

PIA - ශ්‍රී ලංකන් ගිවිසුම ගැන පකිස්තානයේ පරීක්ෂණයක්

ශ්‍රී ලංකන් - PIA ගණුදෙනුව අවසන්!

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top