Mar 10, 2017

ෆෙයා ලෑන්ඩ්ස් ‘ජෙන්සන් ගාඩ්න්ස්’ ව්‍යාපෘතිය එළිදකී

ඉඩකඩම් සම්බන්ධයෙන් සාධාරණ ගණුදෙනු වන පුරෝගාමියෙකු වශයෙන් සැලෙකන ෆෙයා ලෑන්ඩ්ස් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට්ස් පෞද්ගලික සමාගම විසින් සිය නවතම ව්‍යාපෘතිය එළිදක්වා තිබේ.

‘ජෙන්සන් ගාඩ්න්ස්’ නම් මෙම ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය පසුගියදා තලවතුගොඩ දී පැවැත්වුණු අතර, එම අවස්ථාවට සමාගම් නිලධාරීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය.

ව්‍යාපෘති 60ක් පමණ සාර්ථකව නිමකිරීමෙන් අනතුරුව ෆෙයා ලෑන්ඩ්ස් සමාගම විසින් ආරම්භ කරන නව ව්‍යාපෘතිය කළුබෝවිල ඇන්ඩර්සන් පාරේ පිහිටා තිබේ.

දෙහිවල, නුගේගොඩ, කොහුවල, බොරලැස්ගමුව, ගල්කිස්ස වන නගරවලට හා කළුබෝවිල රෝහලට ආසන්නව පිහිටි මෙම ඉඩමෙහි බිම්කොටස් 18ක් ඇති අතර, බිම් කොටසක් පර්චස් 06 සිට ඉහළට කැබලි කර තිබේ. පර්චසයක මිල රු. මිලියන 1.975 සිට ලබාදීමට ෆෙයා ලෑන්ඩ්ස් සමාගම බලාපොරොත්තු වේ.

මෙම ව්‍යාපෘතියට අමතරව ෆෙයා ලෑන්ඩ්ස් සමාගම විසින් දිවයින පුරා තවත් ව්‍යාපෘති 18ක් ක්‍රියාත්මක වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top