nsb

Mar 13, 2017

People's Bank Achievers Awards 2016 පැවැත්වෙයි (වීඩියෝ)

මහජන බැංකුවේ Achievers Awards පසුගියදා අත්තිඩිය ඊගල් ලේක්සයිඩ් හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

පසුගිය වසරේදී සුවිශේෂී කාර්ය සාධනයක් පෙන්නුම් කළ මහජන බැංකු ශාඛා,  සේවා මධ්‍යස්ථාන සහ ප්‍රධාන කාර්යාලයේ ව්‍යාපාර ඒකක මෙහිදී ඇගයීමට පාත්‍ර විය.

ඒ අනුව, මහජන බැංකුවේ වර්ධනයට සහ ශාඛා ජාලයේ ව්‍යාපාර ප්‍ර‍වර්ධනයට සහය ලබාදෙන තොරතුරු තාක්ෂණ, මානව සම්පත්, බැංකු සහය සේවා, අලෙවිකරණ හා පර්යේෂණ,  මූල්‍ය හා කළමනාකරණ ගිණුම්, පුද්ගල කේන්ද්‍රීය බැංකු කටයුතු, ව්‍යවසාය බැංකු යන දෙපාර්තමේන්තු වල ආයතනික බැංකු අංශයේ සහ භාණ්ඩාගාර ඒකකයේ ඉහළම කාර්යසාධනයන් වාර්තා කළ පුද්ගලයින් සහ කණ්ඩායම් සම්මානයට පාත්‍රවිය.

සේවා මධ්‍යස්ථාන අතරින් අඩු වියදම් තැන්පතු සහ විදේශ මුදල් තැන්පතු වැඩියෙන්ම රැස්කළ සේවා මධ්‍යස්ථාන, පුද්ගල ණය සඳහා උපරිම වර්ධනයක් ලබාගත් සේවා මධ්‍යස්ථාන ලෝකඩ,  රිදී සහ රන් සම්මාන වලින් පිදුම් ලැබීය. ශාඛා අතරින් වෙස්ටන් යූනියන් ගනුදෙනු වැඩිම ප්‍රමාණයක් සිදුකළ ශාඛාවන්, වසරේ වැඩිම ජංගම ගිණුම් ශේෂය පවත්වාගත් ශාඛාවන්,  වසරේ වැඩිම අඩු තැන්පතු ප්‍රමාණය වර්ධනය කරගත් හා වර්ධන අනුපාතය වැඩිකරගත් ශාඛාවන්, වසරේ වැඩිම ණය කාඩ්පත් නිකුත් කළ ශාඛාවන්, වසරේ ඉහළම මුළු උකස් සහ ණය කළඹේ වර්ධනය සහ වර්ධන අනුපාතිකයන් ලබාගත් ශාඛාවන්, ව්‍යාපාර ණය ප්‍රමාණයේ වැඩිම වර්ධනයක් ලබාගත් ශාඛාවන්, සංවර්ධන ණය ප්‍රමාණයේ වැඩිම වර්ධනයක් ලබාගත් ශාඛාවන්, කුඩා හා මධ්‍ය පරිමාණ ණය ප්‍රමාණයේ වැඩිම වර්ධනයක් ලබාගත් ශාඛාවන්, ඉහළම අක්‍රමික ණය අයකරගත් ශාඛාවන්, රන් රිදී සහ ලෝකඩ සම්මානයන්ගෙන් පිදුම් ලැබීය. ඉහළම අපනයන ණයවර ලිපි වැඩිම ප්‍රමාණයක් විවෘත කළ ශාඛාවට හිමි රන් සම්මානය කුරුණෑගල ශාඛාවට හිමිවිය. හොඳම කාර්ය සාධනය වාර්තා කළ ශාඛාවට හිමි ලෝකඩ සම්මානය වාරියපොල ශාඛාවටද, රිදී සම්මානය බත්තරමුල්ල ශාඛාවටද, රන් සම්මානය දෙල්ගොඩ ශාඛාවටද හිමිවිය.

මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට ප්‍රධාන විධායක නිලධාරී / සාමාන්‍යාධිකාරී එන්.වසන්ත කුමාර් මහතා ආයතනික හා විධායක කළමනාකාරිත්වය සහ බැංකු කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් සහභාගි විය.
මෙහි අවස්ථා කිහිපයක් දැක්වෙන වීඩියෝව පහතින් :

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top