nsb

Mar 14, 2017

11 වරටත් සිංගර් අංක 1 වෙයි

අඛණ්ඩව 11වැනි වසරටත් ශ්‍රී ලංකාවේ හොඳම වෙළඳ නාමය ලෙස ජනතා සම්මානයට පාත්‍ර වීමට සිංගර් ශ්‍රී ලංකා සමාගම සමත් විය.

ඒ, පසුගිය 10දා බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී පැවති 2017 ස්ලිම් නීල්සන් සම්මාන උළෙලේ දීය.

තවද, පසුගිය වසරේදී මෙන්ම “යෞවනයේ ප්‍රමුඛතම වෙළඳ නාමය “ සහ “පාරිභෝගික භාණ්ඩ සඳහා වූ ප්‍රමුඛතම වෙළඳ නාමය“ ලෙසින් සිංගර් ආයතනය පිදුම් ලැබීය.

අඛණ්ඩව 11 වසරක් පුරා ජනතා සම්මානයෙන් ප්‍රමුඛස්ථානයට පත්වීම පිළිබඳව අදහස් දක්වන සිංගර් ශ්‍රී ලංකා සමුහයේ ප්‍රධාන විධායක නිලධාරි අසෝක පීරිස් මහතා සඳහන් කළේ “මෙම ජයග්‍රහණය සිංගර් පවුලේ සැම ලද සුවිශේෂි ගෞරවයක් බවත්, සිංගර් සන්නාම නාමය පිළිබඳව විශ්වාස තැබීමට කටයුතු කිරීමට පිළිබඳ ජනතාවට ස්තූතිවන්ත වන බවත්ය.”

ශ්‍රී ලංකා වරලත් අලෙවිකරණ ආයතනය (ස්‌ලිම්) නීල්සන් සමාගම සමගින් එක්‌ව සංවිධානය කරන 11වැනි ස්‌ලිම් - නීල්සන් මහජන සම්මාන උළෙලේදී ව්‍යාපාරියක ක්‍ෂේත්‍රයේ නොයෙක්‌ අංශයන් වෙත සම්මාන හිමිවිය.

singer1

singer2

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top