nsb

Mar 15, 2017

LOLC, වසරේ මූල්‍ය සේවා සපයන්නා ලෙස පිදුම් ලබයි

මෙරට ප්‍රමුඛතම මූල්‍ය සේවා සපයන සමාගමක් වන LOLC සමාගම පසුගියදා ජනතා සම්මානයකින් පිදුම් ලැබීය.

ඒ, පසුගිය 10දා බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී පැවති 2017 ස්ලිම් නීල්සන් සම්මාන උළෙලේ දීය.

වසර 2017 වසරේ මූල්‍ය සේවා සපයන්නා ලෙස LOLC සමාගම මෙහිදී පිදුම් ලැබීය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් LOLC සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක / ප්‍රධාන විධායක නිලධාරී - කපිල ජයවර්ධන මහතා පවසා සිටියේ LOLC නාමය ජනතාවගේ මතකයේ තැන්පත් වී ඇති අයුරු මෙම සම්මානයෙන් මැනවින් පිළිබිඹු වන බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top