Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Mar 17, 2017

මහින්ද කරද්දි කොමිටල් රනිල් කරද්දි ඩිජිටල් Featured

රාජපක්ෂ පාලන සමයේ ආරම්භ කළ දේශීය රූපවාහිනී ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතිය ඒ සඳහා තෝරාගත් ජපාන සමාගම හරහා දිගටම පවත්වාගෙන යෑමට රජය තීරණය කරයි.

මෙරටට ඉතා හිතකර කොන්දේසි මාලාවක් යටතේ රු. බිලියන 2.5ක ණයක් මෙම ව්‍යාපෘතිය සඳහා ලබා දීමට ජපාන රජය එකඟත්වය පළ කර ඇත.

ඒ සම්බන්ධයෙන් වන සම්මන්ත්‍රණයක් අද උදෑසන කොළඹ රාමඩා හෝටලයේදී ආරම්භ විය.

දෙරට අතර විදුලිසංදේශ හා ගුවන්විදුලි ක්ෂේත්‍රයේ ඒකාබද්ධ ව්‍යාපාර සබඳතා වෙනුවෙන් වන අවශ්‍යතා හඳුනා ගැනීම හා සාකච්ඡා කිරීම එහි අරමුණ වේ.

මෙම ව්‍යාපෘතිය සඳහා 2014 සැප්තැම්බර් මාසයේදී එවකට රජය හා ජයිකා ආයතනය අතර ණය ලබා ගැනීමේ ගිවිසුමක් අත්සන් තැබිණි.

නමුත්, අදාළ ව්‍යාපෘතිය දූෂණයෙන් හා කොමිස් මුදල් හුවමාරුවෙන් ගහන බවට එවකට චෝදනා එල්ල විය.

ආණ්ඩු මාරුවෙන් පසුව එම ව්‍යාපෘතිය අත්හිටුවනු ලැබූයේ, ජපානයේ භාවිතා වන ඩිජිටල්කරණ ක්‍රමවේදය ලෝකයේ පුළුල්ව භාවිතා නොවන්නක් වීම හා ඊට අනුරූපී වීමට නම් ජපානයේ නිෂ්පාදිත රූපවාහිනී මෙරටට ගෙන්වීමට සිදු වීම හේතුවෙනි.

ව්‍යාපෘතිය යළිත් ක්‍රියාත්මක කිරීම හරහා ජපාන සමාගම්වලට අලෙවිය හා නඩත්තුව වෙනුවෙන් වන ගිවිසුම්වලින් ප්‍රතිලාභ අත්වනු ඇත.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top